අඩු ආදායම්ලාභීන්ට ලැබුණු ඉන්දීය ආධාර  හිතවත්හු හා ඥාතීහු බෙදා ගනිති

823

ඉන්දීය ආධාර යටතේ අඩු ආදායම්ලාභීන් වෙත නිකුත් කිරීමට නියමිත ද්‍රව්‍ය ආධාර නිසියාකාරව බෙදීමක් සිදු නොවන බව එම ජනතාව ප්‍රකාශ කරති.

සමෘද්ධි සමිතිවල සිටින ස්වෙච්ඡා නිලධාරීන් විසින් ඉදිරිපත් කරන නාම ලේඛනයන් මගින් මෙම ආධාර බෙදාදීමේදී සුදුස්සන් කපාහැර තම හිතවතුන් හා ඤාතීන් ලේබනවලට ඇතුලත් කොට දැන්වීම් පවා ප්‍රදර්ශනය නොකර කෙටි දැනුම්දීම් කර හිටිහැටියේ බෙදාදී ඇති බව එම ආධාර ලැබීමට සුදුසු නොරගල්ල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීහු පිරිසක් දිවයිනට කියා සිටියහ.

දුර සිට පැමිණි විශාල පිරිසක් මෙම ආධාර නොලැබී හිස් අතින් ආපසු නිවෙස් බලා ගියහ. මෙහිදි කිලෝ දහයේ සහල් මලු‍ බෙදාදිම සිදුකර තිබේ.

නිවිතිගල – ධර්මසිරි ජයවර්ධන
 

advertistmentadvertistment
advertistmentadvertistment