අඩු ආදායම් පවුලකට ජර්මනියෙන් නිවෙසක්

302

කළුතර දිස්ති‍්‍රක්කයේ ඉත්තෑපාන පොලිස් වසමේ ගොරකදූව ග‍්‍රාමයේ ජීවත්වන නිවෙසක් නොමැති පවුලකට ජර්මන් ජාතික සමාජ සේවකයකු වන ලූඞ්ස් මැලසොවොස්කි හා ඔහුගේ බිරිඳ වන බබාරා යන මහත්ම මහත්මීන් මැදිහත්වී නිවසක් ඉදිකර භාරදීම පසුගියදා සිදුවිය.

එම පවුලේ ගෘහ මූලිකයා වූයේ වෘත්තියෙන් පෙදරේරුවකු වන ප‍්‍රදීප් ද අල්විස් (35) වන අතර බිරිඳ ඩිලානි රේණුකා (25) ගෘහණියකි. ඔවුන්ට රූපිකාද අල්විස් (13) සහ හංසි මලීෂා (5) යනුවෙන් දරුවන් දෙදෙනකු ද සිටියි.

ලූඞ්ස් මැලසොවොස්කි මහතා,

මා බිරිඳ බබාරා මහත්මිය සමග බොහෝ කාලයක් තිස්සේ ශී‍්‍ර ලංකාවේ සංචාරය කරනවා. ශී‍්‍ර ලංකාව ලස්සන රටක් වගේම එහි සිටින මිනිසුන් ද ඉතාම හොඳයි. එම සංචාරවලදී අප ඈත ගම්මානවලටත් යනවා. එහිදී අපට හමුවන ඇතැම් පවුල්වලට හරිහැටි නිවසක් හෝ ස්ථිර ආදායමක් නොමැතිව දුක් විඳින අන්දම දකින විට අපිට විශාල දුකක් ඇති වෙනවා.

ඒ නිසා එම පවුල්වල විස්තර රූපගත කර ජර්මන් වැසියන්ට පෙන්වනවා. ඒවා දැකීමෙන් ඔවුන්ට ඇතිවන අනුකම්පාව නිසා ලබා දෙන මුදල් පරිත්‍යාගයන් ද මේ සඳහා යොදා ගන්නවා.

ගම්මන ශී‍්‍ර සෝභිතාරාමාධිපති කුන්ඩසාලේ සීවලී හිමිපාණෝ ආගමික කටයුතු සිදු කළහ. මෙම අවස්ථාවට මතුගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති මෙරිල් මුණසිංහ, ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර දීප්ති වැලිපැන්න විතාන, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි චමින්ද කන්නන්ගර, කොග්ගල හෝටල් සමූහයේ කළමනාකර පද්මසිරි ලියනගේ, ග‍්‍රාම නිලධාරිනි පී. චන්දිමා යන මහත්ම මහත්මීන් ඇතුළු ගම්වාසීන් පිරිසක් සහභාගි වී සිටියහ.

විල්සන් විජේරත්න – ඉත්තෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment