අඩු ආදායම් ලාභීන්ට සහන දෙන්න රුපියල් කෝටි දෙදහසක්

331

දිවයින පුරා සිටින අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීමට රජය රුපියල් බිලියන 200ක මුදලක් වෙන් කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම , වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. දිවයින පුරා සිටින අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැළසීමට රජය විසින් රුපියල් බිලියන 200ක් වෙන් කිරීමජීවන වියදම් කමිටුව විසින් තීරණය කළ බව කෘෂිකර්ම , වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම් කමිටුව ඊයේ පස්වරුවේ රැස්වූ අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ.මෙම වැඩ පිළිවෙල යටතේ රටේ සිටින සියලුම අඩු ආදායම්ලාභී පවුළ් සඳහා ඒක් පවුළකට රුපියල් 7500- රු. 10,000 දක්වා බැගින් වූ මුදලක් වෙන් කිරීමට නියමිතය.දැනට රටේ පවතින භාණ්ඩ මිල ඉහළ යාම හා ආර්ථික අර්බුදය සැළකිල්ලට ගනිමින් ආදායම් අහිමිව සිටින පවුල් සුරක්ෂිත කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගැනීමට රජය තීරණය කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment