අඩු පීඩන තත්ත්වය  අද සුළි කුණාටුවක්  – කාලගුණේ කියයි

404

උතුරු අන්දමන් මුහුද ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්ත්වය අද (24 වැනිදා) වන විට සුළි කුණාටුවක් බවට පත් වී දිවයිනෙන් බැහැරව ඊසාන දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙය හෙට (25 දින) බංග්ලාදේශ වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

කෙසේ වෙතත් පවතින වැසි තත්ත්වය 26 වැනිදා පමණ වනතෙක් පවතින බවත්, ඉන් පසුවත් වර්ෂාපතනය ලැබෙන බවත් කාර්යයේ නියුතු කාලගුණ විiාඥ ශ්‍රීමාල් හේරත් මහතා පැවසීය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද ඒ මහතා කීය. සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී සෙසු ප්‍රදේශවල ද තද වැසි ඇති වේ. එමෙන්ම ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බැවින් ධීවර හා නාවුක කටයුතුවල නිරත පිරිස මේ ගැන අවධානය යොමු කළ යුතු වේ. මේ දිනවල පවතින අධික වර්ෂාපතනයත් සමඟ ගංගා ඇළදොළවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති නිසා දිය නෑමේදී දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.

චමින්ද සිල්වා, ප්‍රදීප් සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment