අඩු මිලට වාහන ගන්නේ බලාගෙනයි

412

ව්‍යාජ ලියකියවිලි සකසා චැසි අංකය වෙනස් කළ අති සුඛෝපභෝගී වාහන ඉතා අඩු මිලට විකුණන ජාවාරමක සුලමුල හෙළිකර ගැනීමට පානදුර වලාන දූෂණ මර්දන ඒකකය සමත්ව තිබේ.

මෙවැනි වාහන මිලදී ගැනීමෙන් වළකින ලෙසත් එවැනි වාහන පිළිබඳ තොරතුරු තිබේ නම් ළඟම පොලිසියට දැනුම් දෙන ලෙසත් පොලිසිය මහජනතාවට දැනුම් දෙයි.

රුපියල් ලක්‍ෂ හැත්තෑවක් පමණ වටිනාකමින් යුත් සුඛෝපභෝගී වාහනයක් රුපියල් ලක්‍ෂ 25කට අලෙවි කිරීමට යන බවට පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත ලැබුණ තොරතුරකට අනුව පොලිස් උපාය දූතයෙක් යොදා මෙම සුඛෝපභෝගී මෝටර් රථය හා අලෙවි කිරීමට සැරසුණු පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම ජාවාරම හෙළිවී ඇත.

වලාන දූෂණ මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතා වෙත ලැබුණ තොරතුරකට අනුව මෙම ජාවාරම හෙළි කගෙන තිබේ.

අදාළ මෝටර් රථය පරීක්‍ෂා කිරීමේදී එහි චැසිය වෙනස් කර තිබූ අතර සවිකර තිබූ ලියාපදිංචි අංකයට ව්‍යාජ ලිපි ලේඛන ද සකසා තිබූ බව පොලිසිය කියයි.

පොලිස් භාරයට ගත් මෝටර් රථයේ සවිකර තිබූ ලියාපදිංචි අංකය කඩවත ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් මෝටර් රථයක ලියාපදිංචි අංකය බවට තහවුරු වූ බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරියකු පැවැසීය.

මහ පරිමාණයෙන් වාහන ආනයනය කරන පෑලියගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු මෙම කූට ජාවාරම පිටුපස සිටින බවට සිදු කළ මූලික විමර්ශනවලට තහවුරු වූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක පුද්ගලයෙක් වන අතර ඔහු ද වාහන කිහිපයක හිමිකරුවෙක් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වැඩබලන අධ්‍යක්‍ෂක සහකාර පොලිස් අධිකාරී උදයකුමාර මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මහේන්ද්‍ර පෙරේරා, පොලිස් සැරයන් (428), ජයලාල් පොලිස් කොස්තාපල්වරුන් වන (84889) උදය කුමාර (81288) සංජීව (80501) තිරස (91905) අමිල මහත්තුරු පරීක්‍ෂණ පවත්වති.

කැස්බෑව ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment