අතපත්තුකන්දේ ආනන්ද හිමියන්ට  අක්තපත‍්‍ර ප‍්‍රදානය ජනපති, අගමැති සහභාගිත්වයෙන්

72

අතපත්තුකන්දේ ආනන්ද හිමියන්ට සද්ධර්ම කීර්ති ශී‍්‍ර ධම්මරතන ප‍්‍රඥාතිස්ස යන ගෞරව නාම සහිත දක්‍ෂිණ ලංකාවේ සමතබල සම්පන්න ප‍්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය පිරිනැමේ.

අතපත්තුකන්දේ ආනන්ද හිමියන්ට  අක්තපත‍්‍ර ප‍්‍රදානය ජනපති, අගමැති සහභාගිත්වයෙන්

ශී‍්‍ර සන්නස් පත‍්‍ර ප‍්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත‍්‍රණ ශාලාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. පූජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද හිමියන් ඉටුකරන ශාසනික, ආගමික සහ සමාජයීය මෙහෙවර අගයමින් සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක, අනුනායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ කාරක සංඝ සභාව විසින් උන්වහන්සේ වෙත ගෞරව නාම සහිත අභිනව නායක පදවිය පිරිනමා ඇත.

 අභිනව නායක හිමිපාණන් වහන්සේ වෙත ශී‍්‍ර සන්නස් පත‍්‍රය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පිළිගැන්විණි.

 විජිණිපත අග‍්‍රමාතා්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පිළිගන්වනු ලැබීය. මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියෝ උත්සවයේ මුලසුන හෙබවූහ. මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විශේෂ දේශන සිදු කළහ. අභිනව නාහිමියන්ගේ චරිතාපදානය අලළා රචිත උපහාර ග‍්‍රන්ථය සහ උන්වහන්සේ විසින් රචිත ලිපි ඇතුළත් කර සම්පාදිත ග‍්‍රන්ථ කිහිපයක් එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරිණි.

 ත්‍රෛනිකායික මහා සංඝරත්නය, මැති ඇමැතිවරු, තානාපතිවරු, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු, දායක සභාව, නාහිමියන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment