අතරමැදියන් රැස් කළ වී කිලෝ ලක්‍ෂ 40ක් තිබූ ගබඩා 6කට සීල් තබයි

133

ලියාපදිංචි මෝල් හිමියන් හා ගොවීන් නොවන අතරමැදියන් විසින් රැුස් කරන ලද වී කිලෝ ලක්ෂ 40කට වඩා වැඩි ප‍්‍රමාණයක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් සොයා ගෙන එම වී තොග රැුස්කර තිබූ ගබඩා හයකට ඊයේ (25 දා) දින මුද්‍රා තබා ඇතැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

පාරිභෝගික අධිකාරිය විසින් පොලොන්නරුව, අම්පාර යන දිස්ත‍්‍රික්ක දෙකෙහි ඊයේ (25 දා) දින කරන ලද වැටලීමක දී මෙම වී තොගය සොයා ගැනීමට හැකිවූ බවත් මෙලෙස මෝල් හිමියන් හා ගොවීන් නොවන අතරමැදියන් රැුස්කරන වී තොග තිබේදැයි සොයා බලා එම ගබඩා සීල් කිරීම දිගටම සිදුකෙරෙන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

නීතියට පටහැනිව වෙළෙඳ පොළේ සහල් මිල ඉහළ නංවා අධික ලාභ ලැබීමේ අරමුණින් වී තොග රැුස්කිරීම පුරුද්දක් ලෙස කරගෙන ගොස් ඇති බවත්, මෙලෙස වී තොග රැුස්කිරීමට රාජ්‍ය බැංකුවකින් වැඩිම ණය මුදලක් සපයා තිබෙන බවත් පැවසූ ඇමැතිවරයා සහල් මිල ඉහළ නැංවීම සඳහා මැදිහත්වන මේ අතරමැදියන්ට මෙලෙස වෙළෙඳපොළේ හැසිරීමට ඉඩදිය නොහැකි බැවින් දිගටම මේ වැටලීම් සිදුකරන බවත් පැවසීය.

නීති විරෝධීව මෙලෙස රැුස්කර අත්අඩංගුවට ගත් වී තොග සහතික මිලට එම අතරමැදියන්ට වී අලෙවි මණ්ඩලයට පළමු වරට ලබාදිය හැකි බවත් එසේ නොකරන්නේ නම් එම වී තොග රාජසන්තක කිරීමට කටයුතු කරන බවත්, මෙහිදී කුමන දේශපාලන බලපෑම් පැමිණියත් ඊට යට නොවී කටයුතු කරන බවටත් ඇමැතිවරයා දැඩිව අවධාරණය කළේය.

අනුර බාලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment