අතරමැදි ජාවාරම්කරුවන් සතු වී කිලෝ ලක්ෂ 150ක් අත්අඩංගුවට

210

ලියාපදිංචි මෝල් හිමියන් හා ගොවීන් නොවන වී තොග රැස්කරන අතරමැදි ජාවාරම්කරුවන් සොයා දින තුනක් පුරා කරන ලද වැටලීම්වලදී වී කිලෝ ලක්ෂ 150 කට වැඩි ප‍්‍රමාණයක් පාරිභෝගික සේවා අධිකාරියේ භාරයට ගෙන වී තොග රැස්කර තිබූ අතරමැදි අනවසර ගබඩා 30 කට පමණ මුද්‍රා තබා ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

 නීති විරෝධී ලෙස අසීමිත ලෙස වී තොග රැස්කරන අතරමැදියන් හා ගබඩා සොයා පාරිභෝගික සේවා අධිකාරිය ඉකුත් 25 වැනි දින සිට පොලොන්නරුව, අනුරාධපුර, අම්පාර සහ මඩකළපුව යන දිස්ත‍්‍රික්කයන්හි වැටලීම් සිදු කළ අතර, ඉදිරියටත් දිවයින පුරා මෙම වැටලීම් සිදුකෙරෙනු ඇත. මේ අතර වහාම ක‍්‍රියාත්මක වන පරිදි වී වගා කෙරෙන වෙනත් දිස්ත‍්‍රික්කවල සිට වී තොග රැගෙන පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට ඇතුළුවීම ද සම්පූර්ණයෙන් තහනම් කර ඇති බවත්, එලෙස පිටස්තර දිස්ත‍්‍රික්කයන්හි සිට පොලොන්නරුවට රැගෙන එන වී තොග අත්අඩංගුවට ගන්නා ලෙසත් පොලීසියට උපදෙස් දී ඇත.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment