අතරමැදි වී තොග රාජසන්තකයි

428

අතරමැදි ජාවාරම්කරුවන් විසින් රැස්කරන සියලූ වී තොග ස්ථිර වශයෙන්ම රජයට පවරා ගන්නා බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

 මෙලෙස වී තොග රැස්කරන අතරමැදියන් සොයා බැලීමට නිලධාරීන් යොදා ඇති බවත් පැවැසූ ඇමැතිවරයා, අදාළ පනත සම්මත වූ වහා එලෙස රැුස්කර තිබෙන වී තොග අනිවාර්යෙන්ම රජයට පවරා ගැනීමට කටයුතු කරන බවත් සඳහන් කළේය.

 මේ සඳහා කෙරෙන යෝජනාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අවශ්‍ය අණපනත් කඩිනමින් සම්මත බවත් හෙතෙම පැවසීය.

 ගොවීන් හා වී මෝල් හිමියන් නොවන වී මාෆියාවක් විසින් අනවශ්‍ය තරගයක් ඇති කර වෙළෙඳ පොළට පිවිස වැඩි මිලට වී තොග රැුස්කර සහල් මිල විශාල ලෙස ඉහළ නැංවීමේ ක‍්‍රියාවලියක් කාලයක් සිදුකර ඇති බවත් තවදුරටත් ඊට ඉඩ නොතබන බවත් පැවසූ ඇමතිවරයා අවශ්‍ය අණපනත් සම්මත කරගැනීමෙන් පසු කිසිදු හේතුවක් නිසාවත් සාමාන්‍ය පාරිභෝගික ජනතාව පරිභෝජනය කෙරෙන සහල් රුපියල් 100 වඩා වැඩියෙන් අලෙවි කිරීමට ඉඩ නොතබන බවත් කීවේය.

 වැඩි මිලට සහල් අලෙවි කරන සිල්ලර වෙළෙඳුන්ට ඉදිරියේදී රුපියල් ලක්ෂයක දඩයක් ගෙවීමට සිදුවනු ඇති බවත් දෙවන වරටත් එම වරද සිදු කළහොත් රුපියල් දෙලක්ෂයක දඩ මුදලක් හෝ උපරිම ලක්ෂ දහයක් දක්වා හෝ නියම කළ හැකි බව පැවසූ ඇමැතිවරයා සමාගම් සඳහා එම දඩය රුපියල් කෝටිය දක්වා වැඩිකර ඇති බවත් කීවේය.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment