අත්අඩංගුවට ගන්නා විට ලහිරුට පහර දීලා

225

මානව හිමිකම් පැමිණිලි කරනවා පුබුදු ජයගොඩ

අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ලහිරු වීරසේකරට පහරදීමක් සිදු වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බවත් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කළේය.

අරගලකරුවන් ගාලුමුවදොරට රැස්වී විරෝධතාවක් පවත්වා අරගලයේදී මියගිය හා සිරගත වූවන් සිහිකරමින් ඉටිපන්දම් දැල්වීමක් සිදුකර එම සැමරුම අවසන්කර යළි යමින් සිටියදී ලහිරු වීරසේකරව අත්අඩංගුවට ගෙන ඇති බවත් ජයගොඩ මහතා සඳහන් කළේය.

පොලිස් අත්අඩංගුවට පත්වන අවස්ථාවේ පහරදීමක් සිදු වූ බවට ප්‍රකාශ කිරීම නිසා ලහිරු අධිකරණ වෛi නිලධාරියා හමුවට ඉදිරිපත් කර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ඇපමත මුදාහැර තිබුණි.

නෝමන් පලිහවඩන, චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment