අත්අඩංගුවට ගැනීම හෙළාදකිනවා – සජිත් පේ‍්‍රමදාස

663

ඉන්ධන හිඟයක් පිළිබඳව පුරෝකතනයක් ඉදිරිපත් කළ ප‍්‍රමුඛ පෙළේ වෘත්තිය සමිති නායකයකු වන ආනන්ද පාලිත අත්අඩංගුවට ගැනීම ගැන දැඩි පිළිකුල හා විරෝධය පළකරන බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

අත්අඩංගුවට පත්විය යුත්තේ මුළුමනින්ම අසත්‍ය හා අවිශ්වාසනීයත්වය මතම පදනම් වෙමින් කටයුතු කරන ආණ්ඩුව මිස රටට අනතුරක අවදානම හෙළිදරව් කරන වෘත්තිය සමිති නායකයන් හෝ පුද්ගලයන් නොවන බවද පේ‍්‍රමදාස මහතා නිකුත් කර ඇති නිවේදනයක සඳහන්වේ.

එහි මෙසේද දැක්වේ.

ආණ්ඩුව විසින් ගෙන යනු ලබන අත්තනෝමතික කි‍්‍රයාවලියට ජනතා විරෝධය එල්ල වීමත් සමග ආණ්ඩුව හිතුමනාපයට පළිගැනීම ආරම්භ කොට තිබේ. එහි දිගුවක් ලෙස වෘත්තිය සමිති නායකයන් දඩයම් කිරීම පටන්ගෙන තිබේ.

ඉන්ධන හිඟයක් ඇතිවීම පිළිබඳව පළමු වරට අප විසින් පුරෝකතනයක් ඉදිරිපත් කරනු ලැබුවේ අගෝස්තු 8 වැනිදා ‘ගෑස් කිරිපිටි පෝලිම සමග ආණ්ඩුව සැරසෙන්නේ ඉන්ධන පෝලීමටද?’ යනුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින්ය. ඉන් අනතුරුව විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් දන්වා සිටියේ ඉන්ධන හිඟතාවය හේතුකොටගෙන අරපිරිමැස්මෙන් ඉන්ධන භාවිතා කරන ලෙසය. ඉන්ධන සම්බන්ධව එවැනි තත්ත්වයක් පවතිද්දී ඊටම අදාළ පුරෝකතනයක් ඉදිරිපත් කළ ආනන්ද පාලිත මහතාව අත්අඩංගුවට ගැනීමෙහි අරමුණ දුෂ්ට එකක් බව සැකයක් නැත.

කොරෝනා ව්‍යසනය පාලනය කිරීම සඳහා මුළු ලෝකයම එන්නත්කරණයට යොමුව සිටිද්දී වගකිවයුතු ඇමැතිවරුන් ගංගාවලට මුට්ටි දැමීමෙනුත්, සහතික නොකළ පැණි පාර්ලිමේන්තුව තුළ පවා ප‍්‍රවර්ධනය කිරීමෙනුත් සිදුකළේ අසත්‍යයකි.

දිනෙන් දින ඉහළ යමින් පවතින කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ ශී‍්‍ර ලංකාවේ සෞඛ්‍ය සේවය සඳහා කඩිනමින් අවශ්‍ය කරන ද්‍රව්‍ය අඩංගු ලයිස්තුවක් කොවිඞ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් පසුගිය මැයි 17දා ඔස්ටේ‍්‍රලියාවේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය වෙත යොමු කළේත් ආණ්ඩුවට මුදල් නැතිබව පවසා ජනතාවගෙන් ආධාර ඉල්ලා සිටියේත් ඒ අතරය.

මැයි 4 ටොලිසිෂුමාබ් :ඔදකසජජස‘මප්ඉ) ඖෂධය නොමැතිවීම පිළිබඳව පළමු වරට අපි පාර්ලිමේන්තුවේදී සිහිපත් කළ අතර අවසන් වරට පසුගිය අඟහරුවාදා (17 දා) අපි මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී අතිශය සද්භාවයෙන් ආණ්ඩුවට සිහිපත් කරන විට ඊට ආණ්ඩුවේ අමාත්‍යවරයකු ලබාදුන්නේ අදාළ ඖෂධය කිසිදු හිඟකමක් නැති බවය. සත්‍ය තත්ත්වය වන්නේ ඇත්තෙන්ම එම ඖෂධය මෙරට තුළ නැති බවය. එසේනම් උත්තරීතර පාර්ලිමේන්තුවේදී වගකීම් විරහිත ප‍්‍රකාශ කළ අමාත්‍යවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් කි‍්‍රයාමාර්ගය කුමක්දැයි අපි ප‍්‍රශ්න කරමු.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment