අත්‍යවශ්‍යම රාජ්‍ය සේවාවලට පමණක් රජයෙන් මුදල්

208

මෑතක දී කරන ලද බදු සංශෝධන මගින් අපේක්‍ෂිත ආදායම් ඉලක්ක සපුරා ගන්නා තෙක් අත්‍යවශ්‍ය ම රාජ්‍ය සේවා පවත්වාගෙන යෑමට පමණක් මුදලක් නිදහස් කිරීමට රජය තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් 2023.01.30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් උපදෙස් ලැබී ඇතැයි මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් චක්‍රලේඛයක් මගින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දන්වා ඇත.

අමාත්‍ය මණ්ඩල තීරණයේ මෙම උපදෙස් ප්‍රකාරව වැටුප්, විශ්‍රාම වැටුප්, සුබසාධක වියදම්, වෛද්‍ය සැපයීම්, ණය සේවාකරණය සහ අයවැය චක්‍රලේඛය මගින් ප්‍රමුඛතා කර ඇති අත්‍යවශ්‍ය වියදම් සඳහා පමණක් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්ගේ නිල බැංකු ගිණුමේ පවතින ද්‍රවශීලතාව සලකා බැලීමෙන් පසු මුදල් නිදහස් කිරීමට භාණ්ඩාගාරය විසින් කටයුතු කිරීම බවද ඉකුත් පෙබරවාරි 02 දින නිකුත් කළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment