අත්‍යවශ්‍ය ආනයන සඳහා ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක්

127

ලෝක බැංකුවේ ආයෝජන අංශය වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් මෙරට අත්‍යවශ්‍ය ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 400 ක මුදල් හුවමාරු පහසුකමක් ලබා දෙන බව නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රේෂණ සහ අපනයනවලින් 30% කට වැඩි ප්‍රමාණයක් සමඟ කටයුතු කරන පෞද්ගලික බැංකු තුනකට බෙහෙත්, ආහාර සහ පොහොර ඇතුළු අත්‍යවශ්‍ය ආනයන සඳහා අරමුදල් සැපයීම වෙනුවෙන් මෙම පහසුකම ලැබෙනු ඇත.

ලෝක බැංකු දත්තවලට අනුව මෙරට ආර්ථිකය 2022දී 9.2% කින් හැකිලී ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර 2023 දී තවත් 4.2% කින් හැකිලෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment