අත්‍යවශ්‍ය එන්නත් හිගයක්

245


මේ විට රෝහල් හා සෞඛ්‍ය ආයතනවල පවතින අත්‍යවශය ජීවිතාරක්‍ෂක බෙහෙත් වර්ග හා ශල්‍ය උපකරණ ඉතා විශාල ප‍්‍රමාණයක තොග අවසන්ව පවතින බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න මහතා පවසයි .

ජලභීතිකා රෝගය සැදීම වැළක්වීම සඳහා භාවිත කරන ප‍්‍රතිශක්තිකරණ එන්නත් (ඒ ආර් එස් * ඇතුළු ප‍්‍රතිශක්තිකරණ එන්නත් ගණනාවක හා අත්‍යවශය ශල්‍ය උපකරණවල තොග මේ වන විට අවසන්ව ඇති බව පෙන්වා දෙන තිලකරත්න මහතා තවත් බෙහෙත් තොග ගණනාවක තොග අවසන් වෙමින් පවතින බවත් මෙම සතියට පමණක් ප‍්‍රමාණවත් බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය තොග රෝහල් හා සෞඛ්‍ය ආයතන සතුව පවතින බව අවධාරණය කරයි .

advertistmentadvertistment
advertistmentadvertistment