අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගන්න චීනයෙන් මුදල්

340


ඖෂධ, ආහාර, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට තවත් චීන යුවාන් මිලියන 300ක ප්‍රදානයක් ලබාදීමට චීන රජය තීරණය කර තිබේ.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් යන මහත්වරුන් අතර පසුගිය අප්‍රේල් 22වැනිදා පැවති දුරකථන සංවාදයේ ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රදානය හිමිවන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.

මෙම නවතම ප්‍රදානය සමඟ චීනය මෙම අර්බුදකාරී තත්ත්වය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර ඇති ආධාරවල මුළු වටිනාකම චීන යුවාන් මිලියන 500ක් පමණ වන අතර එය ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 76ක් වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment