අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම්කරුවන්ට කොටස් වශයෙන් හිඟ මුදල් ගෙවිය යුතුයි – වජිරගෙන් අගමැතිට වාර්තාවක්

160

ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම්කරුවන් සඳහා ගෙවීමට තිබෙන මුදල් කොටස් වශයෙන් හා ක්‍රමානුකූලව ගෙවීමට කටයුතු කළ යුතු බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමේ කමිටුවේ සභාපති හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත කමිටු වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දී ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමේ කමිටුව එක්සත් ජාතික පක්‍ෂ සභාපති වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කෙරිනි. එහිදී එජාප මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර, එජාප උප නායක අකිල විරාජ් කාරියවසම්, එජාප ජාතික සංවිධායක සාගල රත්නායක, අගමැති ලේකම් සමන් ඒකනායක, මොරටුව විශ්වවිiාලයේ මහාචාර්ය එන්. ඩී. ගුණවර්ධන, සමුපකාර සේවා අමාත්‍යාංශ ලේකම් රුවන්චන්‍ද්‍ර යන මහත්වරුන් ද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයන්නන්, තොග වෙළෙඳුන් ද සමඟ පසුගිය 13 වැනිදා අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ පැවැත්වූ සාකච්ඡාවකින් පසු එහි වාර්තාව සකස් කර අගමැතිවරයාට භාර දී තිබේ.

මෙම සාකච්ඡාවේදී වසරකට වඩා මුදල් ගෙවීම් සිදුකළ යුතු පිරිස, මාස හය, මාස අට වැනි කාලයක් මුදල් ගෙවා නොමැති පිරිස් හඳුනාගත් බවත්, මුදල් නොලැබීම නිසා ඔවුන් ඉතා අසරණව සිටින බවත් හඳුනාගත් බව ද වාර්තාව මගින් පෙන්වා දී ඇත.

එමෙන්ම මුදල් අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරය ගෙන ඇති ඇතැම් තීරණ නිසා තව දින කිහිපයකින් බඩු මිල ඉහළ යා හැකි බැවින් ඊට අදාළව නිකුත් කර ඇති චක්‍රලේඛ අහෝසි කරන ලෙස සාකච්ඡාවේදී හෙළි වූ කරුණු මත පෙනී ගිය බවත් ඒ ගැන අවධානය යොමු කරන ලෙසත් කමිටු වාර්තාවෙන් ඉල්ලා තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment