අත්‍යවශ්‍ය සේවාවලට තෝරාගත් පිරවුම්හල්වලින් ඩීසල් දෙයි

210

අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථ සහ සාමාන්‍ය පෙළ විභාගයට අදාල ලිපි ලේඛන ප්‍රවාහනය කරනු ලබන වාහන සඳහා තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක් ඔස්සේ ඉන්ධන ලබාදීමට අද (16) සිට කටයුතු කරන බවඅත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලය කියා සිටී.

ඒ අනුව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් රුවන් චන්ද්‍ර මහතා සඳහන් කරන්නේ දිස්ත්‍රික් ලේකම්වරු මගින් ඉන්ධන ලබාදිය යුතු ලොරි රථ පිළිබඳ ලේඛනයක් ඉන්ධන පිරවුම්හල් වෙත ලබාදෙන බවයි.

ඒ යටතේ ඖෂධ, ඉන්ධන, ගෑස්ල එළවළු ඇතුළු අත්‍යවශ‍ භාණ්ඩ සහ ප්‍රවාහනයේ යෙදන ලොරි රථ සහ සාමාන්‍ය පෙළ විභාගයට අදාල ලිපි ලේඛන ප්‍රවාහනයේ යෙදෙන වාහන සඳහා ඉන්ධන ලැබෙනු ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment