අත්‍යවශ්‍ය සේවා ගැසට් ගසා උත්තර සොයන්න බෑ

83

වජිර පුළුවන්නම් දඬුවම් කරලා පෙන්වන්න – උලපනේ සුමංගල හිමි

අත්‍යවශ්‍ය සේවා ගැසට් පත්‍ර ගසා ජනතාවගේ පීඩාවන්ට පිළිතුරු ලබාදිය නොහැකි යැයි අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පැවසූහ.

වැඩ වර්ජනයේ නිරත පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළ බවත්, හැකි නම් වැඩ වර්ජනයේ නිරතවූ පිරිසට එරෙහිව කටයුතු කර බලන ලෙස ඔහුට කියනා බවත් උන්වහන්සේ පැවසූහ.

අත්‍යවශ්‍ය සේවා ගැසට්ටුව නිකුත් කර ඉන් එහාට ගොස් දඬුවම් කරන බවට ප්‍රකාශ කිරීම නිසා සේවයට වාර්තා කිරීමට සිටි පිරිස ද සේවයට වාර්තා නොකර වැඩ වර්ජනයට සහය ලබාදීමට පියවර ගත් බවද උන්වහන්සේ කීය.

වෘත්තිකයන් අරගලවල නිරතවන්නේ ජීවත්වීමට හැකි වැටුපක් සහ සහන ඉල්ලමින් බවත් ඒවාට විසඳුම් නොදී මර්දනයෙන් ජනමතයට විසඳුම් ලබාදිය නොහැකි බවත් උන්වහන්සේ වැඩිදුරටත් කීහ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment