අත්සන් කරනවා කියා පෝරුවේ නැගලා… පී.එච්.අයි. ලාට වැඬේ මාට්ටු

351

පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විවාහ මංගල උත්සවය නතර කළ අයුරු.

සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව කටයුතු කරමින් 20 වැනිදා බගවන්තලාව ප‍්‍රදේශයේ උත්සව ශාලාවක පැවැත්වූ විවාහ මංගල උත්සවයක් නතර කිරීමට බගවන්තලාව පොලිසියේ නිලධාරිහු සහ බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කළහ.

බගවන්තලාව ආරියපුර ප‍්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක විවාහ මංගල්‍යයක් ලියාපදිංචි කිරීම සඳහා බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් අනුමැතිය ලබාගෙන එයට පටහැනිව කටයුතු කරමින් 100 ආසන්න පිරිසක් සහභාගි කරගෙන විවාහ මංගල උත්සවය පවත්වමින් සිටිය දී බගවන්තලාව පොලිසියේ නිලධාරීන් සහ බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එම උත්සව ශාලාව වෙත ගොස් විවාහ මංගල උත්සවයට සහභාගි වී සිටි පිරිස විසුරුවා හැරීමට කටයුතු කළහ.

මනමාලයා සහ මනමාලියගේ පාර්ශ්වයේ ළඟම ඥාතීන් සීමිත පිරිසක් විවාහය ලියාපදිංචි කිරීමට පමණක් අවසර ලබා දීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කළහ.

නුවරඑලිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment