අත්‍යවශ්‍ය ඖෂධ 60කට අයත් මාත‍්‍රා වර්ග 131කට පාලන මිලක්

289

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60කට අයත් මාත‍්‍රා වර්ග 131ක මිල නියාමනය කර ඇතැයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව එම ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බවද එම මිලට වඩා වැඩි මිලකට අලෙවි කිරීම නීති විරෝධී කටයුත්තක් බවද සඳහන් කරයි.

ඩොලරයේ අගය ඉහළ යෑම මත පසුගිය අගෝස්තු මාසයේදී මෙම ඖෂධවල මිල සියයට 9% කින් ඉහළ දැමීමට අවසර දුන් බවත් එම ඖෂධවල මිල ගණන් සියයට 100% ත් 300% ත් අතර මිල ගණන්වලින් ඉහළ ගොස් ඇති බවට කරන ප‍්‍රකාශවල සත්‍යතාවයක් නැති බවත් පවසයි.

ඒ අනුව උපරිම සිල්ලර මිල නියමකර ඇති ඖෂධ වර්ග 60 මෙසේය. ඇල්බෙන්ඩසෝල්, ඇමොක්සලීන්, ක්ලැරිත්‍රොමයිසීන්, ඇසිත්‍රොමයිසීන්, සෙෆියුරෝක්සිම්, ඩොක්සිසයික්ලීන්, ඇසික්ලොවීර්, සිප්රොෆ්ලොක්සසීන්, ලෙවෝෆ්ලොක්සසීන්, සෙෆලෙක්සින්, සෙෆික්සිම්, ඇමිලොඩිපින්, ඩිල්ටියසම්, ලොසටාන් පොටෑසියම්, ලොසටාන් හයිඩ්‍රොක්ලෝරෝතයසයිඞ්, එනලපි‍්‍රල් ඇටෙනොලෝල්, නිෆෙඩිපින්, ක්ලෝපිඩො ග්‍රෙල්, ඇටෝවාස්ටැටින්, රොසුවාස්මැටින්, ටෙල්මිසාටන්, ඇස්පිරින්, මෙට්ෆොමින්, ග්ලිබෙන්ක්ලමයිඞ්, ග්ලික්ලසයිඞ්, තයිරොක්සීන්, ග්ලිපිසයිඞ්, ඉබියුප්‍රොතින්, ඩයික්ලොෆෙනැක් සෝඩියම්, ඩයික්ලො ෆෙනැක්, පැරසිටමෝල්, සෝඩියම් වැල්ප්‍රොඒට්, රිස්පෙරිඩෝන්, ඔලන්සපින්, කාබමසපින්, ඇල්ප‍්‍රසෝලෑම්, ක්ලූඔක් සෙටින්, ගැබාපෙන්ටින්, බෙක්ලොමෙතසෝන්, සැල්බියුටමෝල්, මීතයිල් ප්‍රෙඞ්නිසෝලෝන්, ඔමෙප‍්‍රසෝල්, පැන්ටොප‍්‍රසෝල්, එසොමෙ ප‍්‍රසෝල්, ඩොමිපෙරිඩෝන්, රැුබිප‍්‍රසෝල්, ඇලෙන්ඩොනික් ඇසිඞ්, සෙෆ්ටයිඞීම්, සෙෆ්ට‍්‍රයොක්සෝන්, සෙෆොටැක්සීම්, ග්ලූකොනසෝල්, ඉන්සියුලින් සොලි යුබල් හියුමන්, ග්ලිමිපිරයිඞ්, සිටග්ලිප්ටින්, ටැම්සුලෝසීන්, මොන්ටෙ ලූකාස්ට්, පි‍්‍රගැබලීන් ටොපිරමේට් සහ ලැමෝටි‍්‍රජීන් යන ඖෂධ වර්ගය.

මෙම ඖෂධ නියමිත පාලන මිලට වඩා වැඩි මිලට අලෙවි කරන්නේ නම් ක්‍දපචක්සබඑි?බපර්ගටදඩගකන යන විiුත් තැපෑලට දන්වන ලෙස ද රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

උපාලි ද සේරම්,ඒමන්ති මාරඹේ
 

advertistmentadvertistment
advertistmentadvertistment