අත්‍යවශ්‍ය භාණ්ඩ වරායෙන් ගන්න ඩොලර් මිලියන 5 ක්

142

කොළඹ වරායේ සිර වී තිබෙන අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු කන්ටේනර් නිදහස්කර ගැනීමට අවශ්‍ය ඩොලර් මිලියන 14 න් 05 ක් ඊයේ (07 දා) ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිදහස් කර ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සමඟ කළ සාකච්ඡුාවකින් පසු වෙළෙඳ ඇමැතිවරයා මහ බැංකු අධිපති සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර ඇත. ඒ අනුව ඩොලර් ප‍්‍රමාණය නිදහස් කිරීමට මහ බැංකුව එකඟ වී ඇත.

මේ අනුව වරායේ ඇති සහල්, සීනි, බීලූනු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවලින් කොටසක් ඉදිරි දිනවලදී වරායෙන් නිදහස් කරනු ඇත.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment