අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් නිවුන්හැල්ල… අත්‍යවශ්‍ය ආහාර සැපයීමට හදිසි නීති රෙගුලාසි පනවයි

634

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (30 දා* මධ්‍යම රාත‍්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි ප‍්‍රකාශයට පත්කර තිබේ.

එම අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වශයෙන් මේජර් ජෙනරාල් එන්. ඞී. එස්. පී. නිවුන්හැල්ල මහතා පත්කර ඇත.

ඒ අනුව වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග සැඟවීම් සහ අධික මිල ගණන් අයකිරීම මගින් පාරිභෝගික ජනතාව අපහසුතාවට පත්කරන වෙළෙඳපොළ අක‍්‍රමිකතා වැළැක්වීම සඳහා රජයේ සහතික මිලට හෝ රේගුවේදී ආනයනය කළ මිල ගණන් පදනම් කරගෙන වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග මිලදීගෙන ජනතාවට සාධාරණ මිල ගණන්වලට ලබා දීමට බලය ලත් නිලධාරීන් කටයුතු කිරීමටත්, රාජ්‍ය බැංකුවලින් තොග මිලදී ගැනීමට ලබා දී ඇති ණය, ණය ලබාගත් අයගෙන් අයකර ගැනීමටත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට බලය හිමිවේ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment