‘අත්‍යවශ්‍ය සේවා’ බෝඞ් ගහගෙන දැව ඇද්ද ලොරි දෙක අල්ලයි

266

බලපත‍්‍රයක් නොමැතිව දැව කැබලි විශාල තොගයක් ප‍්‍රවාහනය කරමින් තිබූ බව කියන ලොරි 2ක් සමග සැකපිට පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පැවසීය.

පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 6 කණුව සහ 7 කණුව ප‍්‍රදේශ අතරදී ඉකුත්දා දහවල් 11.00ත් රාත‍්‍රී 8.30ත් අතර කාලයේදී මෙම වැටළීම් සිදුකළ බවත් එම කාර්යාලය පැවසීය. මෙම එක් දැව ලොරියක් ඔඞ්ඩුසුඞ්ඩාන් ප‍්‍රදේශයේ සිටත් අනෙක් දැව ලොරිය මුරුන්කන් ප‍්‍රදේශයේ සිටත් බියගම ප‍්‍රදේශයට ධාවනය වෙමින් තිබූ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය මෙහිදී සඳහන් කළේය.

ඔඞ්ඩුසුඞ්ඩාන් ප‍්‍රදේශයේ සිට ධාවනය වෙමින් තිබූ දැව ලොරියේ ‘අත්‍යවශ්‍ය සේවා’ යනුවෙන් සඳහන් දැන්වීමක්ද ප‍්‍රදර්ශනයකර තිබූ බවත්, දෙදෙනෙකු සමග අත් අඩංගුවට ගත් එහි ඇහැටු ,

නුග, මාදං, හැළඹ, අඹ ආදී දැව කැබලි දළ වශයෙන් කිලෝ ග‍්‍රෑම්ස් විසිදහසක් පමණ තිබූ බවත් වනජීවී කාර්යාලය කීය. කිසියම් වාහනයකින් ප‍්‍රවාහනයට අවසර ඇත්තේ ප‍්‍රවාහන බලපත‍්‍ර අවශ්‍ය නොවන කජු, අඹ, කොට්ටම්බා වැනි දැව පමණක් බවත්, මෙම ලොරියේ එසේ බලපත‍්‍ර අවශ්‍ය නොවන දැව ලෙස ඇත්තේ අඹ දැව තොගයක් පමණක් බවට අනාවරණය වී ඇති බවත් වනජීවී කාර්යාලය පැවසීය. කෙසේ වෙතත් වන වෘක්ෂලතා අඥා පණත යටතේ යටතේ මාදම් දැව දැඩි ආරක්ෂිත ශාකයක් බවත් මෙහි පළමු ලොරියේ මාදම් දර තොගක් තිබූ බවත් මෙම ලොරිරථවල ප‍්‍රවාහනය කළ අඹ දර හැරෙන්නට අනෙක් සියළු දැවවලට ප‍්‍රවාහන බලපත‍්‍ර තිබිය යුතු බව වන ජීවී නිලධාරීන් සඳහන් කරයි. මෙම වැටලීම්වලට අදාළ විමර්ශන තවදුරටත් කරගෙන යන බවද කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය වැඩිදුරටත් කියා සිටියේය.

පුත්තලම – නලින් හෙන්දුරුගොඩ මහවැව අමාරානන්ද

advertistmentadvertistment
advertistmentadvertistment