අත්‍යවශ්‍ය හෝ හදිසි නොවන ආනයන තවදුරටක් සීමා කළ යුතුයි

154

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
කොවිඞ් – 19 වසංගතයෙහි රැලි කිහිපයක් ඔස්සේ දිගින් දිගටම මතුවන අභියෝග හමුවේ, අත්‍යවශ්‍ය නොවන හා හදිසි නොවන ආනයන සඳහා තවදුරටත් සීමා පැනවීමට සිදුවන බව ශ‍්‍රී ලංකා මහා බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඞී. ලක්ෂ්මන් මහතා පැවසීය.
 
 රටේ විදේශ මුදල් තත්ත්වය ගැන විශේෂ ප‍්‍රකාශයක් කරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය.
 
 විදේශ මුදල් ප‍්‍රවාහ අඩුවීම මධ්‍යයේ වුවද, මෙම අසීරු කාර්යභාරය ඉටු කිරීමට හැකි වන ආකාරයට, තෝරාගත් අත්‍යවශ්‍ය නොවන ආනයන මත මෙලෙස සීමා පැනවීමට ශ‍්‍රී ලංකාව කටයුතු කළ බවද මහ බැංකු අධිපතිවරයා කීවේය. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන මහ බැංකු අධිපතිවරයා මෙසේ ද සඳහන් කළේය.
 
 දේශපාලන හේතු මත ක‍්‍රියා කරමින් ශ‍්‍රී ලංකාවේ ඇතැම් කොටස්, විනිමය අනුපාතිකයේ ඉදිරි ගමන්මග පිළිබඳවත්, ණය වගකීම් ඉටු කිරීමට රජයට ඇති හැකියාව සම්බන්ධයෙනුත් දිගින් දිගටම ඍණාත්මක සමපේක්ෂණයේ යෙදී සිටිනු දක්නට ඇත. පෞද්ගලික වාසි අරමුණින් කෙරෙන එවැනි සමපේක්ෂණ, දත්ත මගින් තහවුරු කළ නොහැකි මතයක් ගොඩනැගීමට වෙර දරන අතර, එය සාමාන්‍ය ජනතාවට මෙන්ම ව්‍යාපාරික ප‍්‍රජාවටද අහිතකර ය. මෙම සමපේක්ෂණ ක‍්‍රියාකාරකම් නිසාම විදේශ විනිමය වෙළඳපොළෙහි ලැබීම් හා ගෙවීම් අතර අනවශ්‍ය වන කෙටිකාලීන අසමබරතාවක් නිර්මාණය කර ඇත. කෙසේ වුවද, වෙළෙඳ කටයුතුවලට අනවශ්‍ය බාධා සිදුව නැති බව රජය සහ මහ බැංකුව සහතික කරන අතර, ආනයන ක‍්‍රියාවලියේ දී අතරමැදි සහ ප‍්‍රාග්ධන භාණ්ඩ ආනයනයට ප‍්‍රමුඛතාව ලබා දී ඇති බව අවධාරණය කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment