අතිකාල ප්‍රශ්නයේ ආහාර ලේඛනය හිරවෙයි: දෙහිඅත්තකණ්ඩිය රෝහලේ රෝගීන් ඇතුළු 82කට වෙසක් දවසෙත් කන්න නෑ

163

දෙහිඅත්තකණ්ඩිය රෝහලේ නිලධාරීන් කිහිපදෙනකුට සෙනසුරාදා ඉරිදා අති විශේෂ නිවාඩු දිනවල අතිකාල දීමනා කපාහැරීම නිසා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට හා කනිෂ්ඨ කාර්යය මණ්ඩල සේවක සේවිකාවන් අසූදෙදෙනකුට වෛද්‍ය උපදෙස් මත ලබා දෙන ආහාර මාස දෙකක සිට නොලැබෙන බව රෝගීහු පවසති.

එම ආහාර ලබා දීමට නම් අදාළ ආහාර ලේඛනයට මෙම නිලධාරීන් අත්සන් කළ යුතුව ඇත. ඔවුන්ගේ අතිකාල කපා ඇති නිසා ඔවුන් මෙම ලේඛනවලට අත්සන් නොකරන බව රෝහල් ආරංචි මාර්ග කියයි.

සිංහල අවුරුදු දිනවලත් තුන් වේලටම ආහාර නොලැබුණු බවත් වෙසක් දිනයට පවා ආහාර ලබාදීමට හැකියාවක් නොමැති බවත් දැනට ප්‍රතිකාර ලබන රෝගීහු පැවසූහ.

ළමා, ගර්භණී ඇතුළු වට්ටු හයක ප්‍රතිකාර ලබන රෝගීන්ට ආහාර නොලැබෙන බවත් මේ පිළිබඳව සොයා බලා ප්‍රතිකාර ලබන රෝගීන්ට තුන් වේලටම ආහාර ලබා දෙන ලෙස රෝහල් රෝගීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මේ පිළිබඳව විමසීමේ දී නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගෙන් විමසීමේ දී මේ පිළිබඳව වහාම සොයාබලන බව ඒ මහත්මිය පැවසුවාය.

දෙහිඅත්තකණ්ඩියේ – රණතුංග

advertistmentadvertistment
advertistmentadvertistment