අතිරික්ත කොරෝනා එන්නත් දුගී රටවලට දෙන්නැයි හිටපු ලෝක නායකයෝ පවසති

76

හිටපු ලෝක නායකයන් හා ජනප‍්‍රිය සමාජ ක‍්‍රියාකාරිකයන් 166 දෙනකු එංගලන්තය ඇතුළු ධනවත් රටවලින් විශේෂ ඉල්ලීමක් කරමින් ඔවුන් සතුව පවතින අතිරික්ත කොරෝනා එන්නත් තොග මිලියන ගණනක් වහාම දියුණු වෙමින් පවතින රටවලට ගුවන් මගින් බෙදා හරින ලෙස පවසා තිබේ. ඉතාලියේ අගනුවර වන රෝමයේ මෙම සති අන්තයේ ලොව බලවත් රටවල සහභාගිත්වයෙන් පැවත්වීමට නියමිත ජී – 20 සමුළුව සංවිධානය කරන ඉතාලි අගමැති මරියෝ ඞ්රැගිට එම හිටපු ලෝක නායකයන් හා සමාජ ක‍්‍රියාකාරිකයන් ගේ අත්සනින් යුතුව යවා ඇති ලිපියක් මගින් මෙම ඉල්ලීම කර තිබේ.

වෙනත් රටවල දහස් ගණනක් කොරෝනා එන්නත් නොමැතිව කොරෝනා ආසාදනයට ගොදුරු වී මියයමින් සිටින වාතාවරණයක් තුළ ධනවත් රටවල් විසින් කොරෝනා එන්නත් අවශ්‍ය ප‍්‍රමාණයට වඩා වැඩිපුර ඇණවුම් කර ගෙන්වාගෙන නිකරුනේ ගබඩා කර තබා ගෙන සිටින බව පෙන්වා දෙන හිටපු ලෝක නායකයන් හා සමාජ ක‍්‍රියාකාරිකයන් මෙම අතිරික්ත එන්නත් තොග එම රටවල් විසින් අවශ්‍ය රටවලට කඩිනමින් ලබා නොදීම නිසා ඒවායෙන් බොහොමයක් කල් ඉකුත් වී ඉවත දැමීමට සිදුවන තත්ත්වයක් පවතින බව අවධාරණය කර සිටි ඉතාලි අගමැතිවරයා වෙත යවා ඇති අදාළ ලිපිය සඳහා හිටපු ජනාධිපතිවරුන් 36 දෙනකු, හිටපු අගමැතිවරුන් 30 දෙනකු හා සමාජ ක‍්‍රියාකාරිකයන් 100 දෙනකු අත්සන් තබා ඇත. ලිපියට අත්සන් තබා ඇති පිරිස අතර නවසීලන්තයේ හිටපු අගමැතිනි හෙලන් ක්ලාක්, හිටපු බ‍්‍රසීල ජනාධිපති ෆර්නන්ඩෝ කාර්ඩෝසෝ හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ලේකම් බෑන් කි මුන් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment