අතිවිශිෂ්ට ස්මාර්ට් ජංගම දුරකතන අත්දැකීමක් සමඟින් SAMSUNG Galaxy S22 කාණ්ඩය ශ්‍රී ලංකාවේ එළිදක්වයි

110

සැම්සුන් ශ්‍රී ලංකා කළමනාකරණ අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යූ සහ සැම්සුන් සන්නාම තානාපතිනි යොහානි ද සිල්වා නව SAMSUNG Galaxy S22 කාණ්ඩය හඳුන්වා දුන් අයුරු ඡායාරූපය නිශාන් එස්. ප‍්‍රියන්ත

ශ‍්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක smartphone වෙළෙඳනාමය වන සැම්සුන් ඔවුන්ගේ වඩාත් ප‍්‍රබලතම හා ප‍්‍රධානතම devices කාණ්ඩය ලෙස සැලකෙන Galaxy S22 කාණ්ඩය ශ‍්‍රී ලංකාවේදී නිල වශයෙන් එළිදැක්වීය.

Premium smartphones සඳහා නව සම්මතයක් සකස් කරමින් Note කාණ්ඩයේ ඇති ප‍්‍රධාන විශේෂාංගල pro-grade කැමරාව සමඟින් එයටම සුවිශේෂී වූ S-Pen සහ කාණ්ඩයේ ඇති ඉහළම ක‍්‍රියාකාරීත්වය ආදියෙන් Premium smartphones සමන්විත වේ. ඉතා ආකර්ෂණීය මෙන්ම මනා හැඩයකින් හා තිරසාරභාවය ගැන වැඩි සැලකිල්ලක් යොමු කරමින් නිර්මාණය කර ඇති Galaxy S22 5G හි advanced intelligent imaging තාක්ෂණය සහිත ක‍්‍රියාශීලී කැමරාව ඔබගේ ජීවිතයේ සෑම මොහොතක්ම සොඳුරු මොහොතක් බවට පත් කරනු නොඅනුමානය.

මේ පිළිබඳව අදහස් දක්වන සැම්සුන් ශ්‍රී ලංකා කළමනාකරණ අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේ ‘‘අපගේ නවතම Galaxy S22 කාණ්ඩය හඳුන්වා දීමත් සමඟින් නවෝත්පාදනය යන්න නව පරිවර්තනයක් කරා යමින් සිටිනවා. ඒවගේම ස්මාර්ට් ජංගම දුරකතන තාක්ෂණය අතික‍්‍රමණය කිරීමට එයට හැකිව තිබෙනවා. Galaxy Note හා S කාණ්ඩවල ඇති ප‍්‍රධාන විශේෂාංගවල සුසංයෝගයෙන් සුවිශේෂී smartphone අත්දැකීමක් S22 Ultra 5G ඔබ වෙන ගෙන එනු නිසැකයි. Galaxy S22 Ultra 5G සතුව එන S Pen විශේෂාංගය, වැඩිදියුණු කළ Nightography තාක්ෂණය හා දවස පුරා දිගු කල්පවතින බැටරි ආයු කාලය නිසා දැනට අප සතු වඩාත් ප‍්‍රබලතම devices කාණ්ඩය බවට මෙය පත්ව තිබෙනවා. තවද අන්තර්ගතයන් නිර්මාණය කිරීමට, උසස් තත්වයේ වීඩියෝ ග‍්‍රහණය කරගැනීමට, යමක් edit හා share කිරීම සඳහා නිර්මාණය කර ඇති Galaxy S22 කාණ්ඩය සැබවින්ව ඔබගේ එදිනෙදා ජීවිතය සොඳුරු බවට පත් කරනු ඇති බව අපට විශ්වාසයි.’’ යනුවෙනි. Galaxy S22 Ultra 5G සතුව එන S Pen විශේෂාංගය අප මෙතෙක් නිර්මාණය කර ඇති වේගවත්ම හා වඩාත් ඉක්මනින් ප‍්‍රතිචාර දක්වන සුළු S Pen එක ලෙස හඳුන්වා දිය හැකිය. 70%ක අවම latency හැකියාව සමඟින් S Pen මගින් ඔබට ඔබගේ S22 Ultra 5G හි පුළුල් තිරය මත පහසුවෙන් ලිවීමට හා ඇඳීමටත් අළුත් apps පිළිබඳව ගවේෂණය කිරීමටත් හැකිය. තවද S Pen සමඟින් S22 Ultra 5G, Galaxy Note කාණ්ඩයේ උරුමය වැළඳගන්නා අතරතුර නිර්මාණශීලී වීමට හා අළුත් දේවල් කිරීමට නව මාර්ග විවෘත කරයි. එමගින් මින් පෙර අත් නොවිඳි ජංගම දුරකතන අත්දැකීමක් ඔබ වෙත රැගෙන එයි.

advertistmentadvertistment
advertistmentadvertistment