අති නවීන තාක්‍ෂණය සපිරි ස්මාර්ට්බෝඩ් සිංගර් හඳුන්වාදෙයි

859

අතිනවීන තාක්ෂණයෙන් සමන්විත ශ‍්‍රී ලාංකිකයින් සවිබලගන්වමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ගෘහ ඉලෙක්ට්‍රොනික පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් විසින් ඩිජිටල් අධ්‍යාපනය සඳහා ස්මාර්ට්බෝඞ් නිෂ්පාදන පෙළක් වෙළෙඳපොළට හඳුන්වාදී ඇත.

 මාර්ගගත අධ්‍යාපනික කටයුතු සහ ව්‍යාපාරික රැුස්වීම්/සම්මන්ත‍්‍රණ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම මෙහි මූලික අරමුණයි. සිංගර්, දැනට ලොව නවීනතම ඛෑෘ තිර නිෂ්පාදනය කරන ීනහඅදරඑය සමාගමේ ස්මාර්ට්බෝඞ් නිෂ්පාදන පෙළක් හඳුන්වාදී ඇත. පරිගණකය, රූපවාහිනිය, ප්‍රොජෙක්ටරය සහ වයිට්බෝඞ් සතු සියලූ විශේෂාංගවලින් සමන්විත වන ලෙස මෙම ස්මාර්ට්බෝඞ් නිර්මාණය කර ඇත. කාර්යන් කිහිපයක් එකවර කරගත හැකි මෙම ස්මාර්ට්බෝඞ් වර්තමාන ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සඳහා පවතින හොඳම විකල්පයයි. නවීන අවශ්‍යතා සපුරාලීම සඳහා ඕනෑම ඉගෙනුම් පරිසරයකට සරිලන ලෙස නිර්මාණය කර ඇති ස්මාර්ට්බෝඞ් මඟින් දෙපාර්ශවය කිසිදු බාධාවකින් තොරව ඉතාමත් පහසුවෙන් සම්බන්ධ කරවන අතර ඉගෙනුම් අත්දැකීම් වඩාත් අර්ථවත්ව හා ඵලදායී ලෙස සිදු කරයි. පරිගණකයක් සහ ප්‍රොජෙක්ටරයක් ලෙස භාවිතා කිරීමේ හැකියාව සහ අවශ්‍ය ස්ථානයට රැුගෙන යෑමේ පහසුව නිසා ස්මාර්ට්බෝඞ් වර්තමානයේ ඉහළ ඉල්ලූමක් පවතින ඉගැන්වීමේ උපාංගයක් බවට පත්ව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment