අති ශූරතම ක්‍රීඩකයා – රණසිංහ  – ක්‍රීඩිකාව – යූ.කේ.එන්. රත්නායක

212

* ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා සියවස් සමරු මලල ක්‍රීඩා තරගාවලියේ

හෝමාගම දියගම පිහිටි මහින්ද රාජපක්ෂ  ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලද ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා සියවස් සමරු මලල ක්‍රීඩා තරගාවලියේ අති ශූරතම ක්‍රීඩකයා ලෙස ආර්.එම්.එස්.ජේ. රණසිංහ සම්මාන ලැබූ අතර යූ.කේ.එන්. රත්නායක අති ශූරතම ක්‍රීඩිකාව ලෙස තිළිණ ලැබුවාය.

අති ශූරතම ක්‍රීඩකයා - රණසිංහ  - ක්‍රීඩිකාව - යූ.කේ.එන්. රත්නායක

හෙල්ල විසි කිරීම ඉසව්වේ දී ප්‍රදර්ශනය කරන ලද දක්ෂතාවය මත රණසිංහ ද මීටර් 3000 බාධක දිවීම ඉසව්වේදී ප්‍රදර්ශනය කරන ලද දක්ෂතාවය මත රත්නායක ද අදාළ සම්මානයට නම් කෙරුණි.

මෙවර ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෝ කාන්තා ඕනෑම කේවල ඉසව්වක් ආශ්‍රිතව ප්‍රදර්ශනය කළ හොඳම දක්ෂතාව වෙනුවෙන් හිමි අග්‍රාණ්ඩුකාර අභියෝග කුසලානයට ද හිමිකම් කියන්නට යූ.කේ.එන්. රත්නායක සමත් වූවාය.

අති ශූරතම ක්‍රීඩකයා - රණසිංහ  - ක්‍රීඩිකාව - යූ.කේ.එන්. රත්නායක

තම ශත සංවත්සරය සැමරුම වස් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙවර තරගාවලියට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ පදක්කම් ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම අනාගත බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වීම හේතුවෙන් තියුණු හා උණුසුම් තරග ඉසව් රැසක් දැක ගැනීමට හැකි වීම කැපී පෙණුනි.

අධික වර්ෂාව හේතුවෙන් කල් දමන්නට යෙදුණු තරග ඉසව් 12 ක අවසන් තරග ඉකුත් සෙනසුරාදා (23) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක කෙරුණු අතර එහිදී එක් නව තරග වාර්තාවක් දැක ගැනීමට හැකි විය.

එල්. චමල් කුමාරසිරි පිරිමි තුන්පිම්ම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීම සඳහා ගිය ගමනේ දී ප්‍රදර්ශනය කළ මීටර් 16.40 ක දක්ෂතාවය නව තරග වාර්තාවක් ලෙස පෙරේදා (23) දිනයේදී සටහන් විණි.

තත්:10.50 ක තරග නිමි කාලයක් වාර්තා කරමින් පිරිමි මීටර් 100 රන් පදක්කම දිනා ගැනීමට වයි.සී.එම්. යෝධසිංහ සමත්වන අතර වාරයේ කාන්තා මීටර් 100 රන් පදක්කම තහවුරු කර ගැනීමට ඩී.ටී.ඒ. ද සිල්වා (තත්:11.69) ට හැකි වූවාය.

මෙවර පිරිමි මීටර් 400 රන් පදක්කම එච්.කේ.කේ. කුමාරගේ (තත්: 45.88) දිනා ගැනීමට සමත් වූයේ තම දක්ෂතාවය නැවත වතාවක් ඔප්පුකර පෙන්වමිනි.

කාන්තා මීටර් 400 ශූරිය ලෙස රන් පදක්කම ගෙල පැළඳ ගත් තරුෂී ඩිල්ෂාරා කරුණාරත්න ප්‍රදර්ශනය කළ තරග නිමි කාලය තත්: 53.85 කි.

කඩුලු මතින් දිවීමේ ඉසව් ආශ්‍රිත දක්ෂතම ක්‍රීඩකයා

ආර්.ඩී.ඩී. රණතුංග (මීටර් 110 කඩුලු මතින් දිවීම)

විසි කිරීමේ තරග ආශ්‍රිතව දක්ෂතම ක්‍රීඩකයා

ආර්.එම්.එස්.ජේ. රණසිංහ (හෙල්ල විසි කිරීම)

පැනීමේ තරග ආශ්‍රිතව දක්ෂතම ක්‍රීඩකයා

එල්.සී. කුමාරසිරි (තුන්පිම්ම )

ජවන ඉසව් ආශ්‍රිතව දක්ෂතම කෙටි දුර ධාවකයා

එච්.කේ.කේ. කුමාරගේ (මීටර් 400)

දක්ෂතම උස පැනීමේ ක්‍රීඩකයා

බී.ආර්.අයි.යූ. කුමාර

ජවන ඉසව් ආශ්‍රිතව දක්ෂතම කෙටි දුර ක්‍රීඩිකාව

ඩී.ටී.ඒ. ද සිල්වා (මීටර් 100)

මැදි දුර තරග ආශ්‍රිත දක්ෂතම ක්‍රීඩිකාව

යූ.කේ.එන්. රත්නායක (මීටර් 3000 බාධක දිවීම)

දිගු දුර තරග ආශ්‍රිත දක්ෂතම ක්‍රීඩිකාව

ඒ.එන්.එල්. ආරියදාස (මීටර් 10.000)

කඩුලු මතින් දිවීමේ තරග ආශ්‍රිතව දක්ෂතම ක්‍රීඩිකාව

ඊ.කේ. මධුෂානි (මීටර් 400)

පැනීමේ තරග ආශ්‍රිතව දක්ෂතම ක්‍රීඩිකාව

එල්. සාරංගි සිල්වා (දුර පැනීම)

විසි කිරීමේ තරගා ආශ්‍රිතව දක්ෂතම ක්‍රීඩිකාව

එච්.එල්.එන්.ඩී. ලේකම්ගේ (හෙල්ල විසිකිරීම)

මැදි දුර සහ දිගු දුර තරග ආශ්‍රිතව දක්ෂතම ක්‍රීඩකයා

එච්.එම්.ඊ.යූ.බී. හේරත් (මීටර් 3000 බාධක දිවීම)

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment