අතීතය ගැන මා දුක් වෙනවා… සිංහල අය ඉතාම කරුණාවන්තයි… ජනපති සමාව ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික සූරියකාන්ත් කියයි

582

දිනසේන රතුගමගේ
 
 ‘‘මම අවුරුදු දොළහක්ම බන්ධනාගාරයේ හිටියේ සිංහල සහෝදරයොත් එක්කයි. මුල් කාලයේදී මට සිංහල කතා කරන්න බෑ. අතින් පයින් තමයි කතා කළේ. පස්සේ මට හොඳට සිංහල කතා කරන්න පුළුවන් වුණා. සිංහල අය ඉතාම කරුණාවන්තව මට සැලකුවා. අසනීප වුණු වෙලාවල්වලදී මට මගේ කෑම එක පවා ළඟට ගෙනැත් දුන්නා’’
 
 වසර දොළහක්ම එල්.ටී.ටී.ඊ. සිරකරුවකු වශයෙන් බන්ධනාගාරගතව සිට පෙරේදා (24 දා* යාපනය බන්ධනාගාරයෙන් නිදහස ලබා නිවසට පැමිණි සූරියකාන්ත් ජෙයචන්ද්‍රන් නමැත්තා මාධ්‍යවේදීන් සමග එසේ පැවසීය.
 
 ඔහු මෙසේද කියා සිටියේය.
 
 ‘‘මම යුද හමුදාවේ අත්අඩංගුවට පත්වුණේ යුද්ධයේ අවසන් කාලයේදී. ඒ කියන්නේ 2009 මැයි 17 වෙනිදායි. මාව කොටි පැහැරගෙන ගිහිල්ලා යුද පුහුණුව දීලා යුද්දෙට බඳවා ගත්තා. ඒ අතරෙදි මගේ කකුල තුවාල වුණා. ඊට පස්සෙ මම තේ හදන වගේ දේවල් කරගෙන හිටියා. අවසාන කාලෙදි තමයි මම වන්නියෙන් වවුනියාව පැත්තට එනකොට හමුදාව මාව අත්අඩංගුවට ගත්තේ. මගේ අතීතය ගැන මම දුක් වෙනවා. දැන් ඉතින් බිරිඳ, සහෝදරයෝ එක්ක හොඳින් ජීවත් වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ‘‘ යනුවෙන්ද ඔහු කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment