අතීත දස්කම් සමාන ශී‍්‍ර ලංකා – ඔස්ටේ‍්‍රලියා සටන අද

1233

2021 පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටය යටතේ ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවෙනි තරගය ඩුබායි ක‍්‍රීඩාංගණයේදී ශ‍්‍රී ලංකා වේලාවෙන් අද (28 වෙනිදා) ප.ව. 7.30ට ආරම්භ වීමට නියමිතය.

ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙවර පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය යටතේ ඩුබායි ක‍්‍රීඩාංගණයේදී තරග වදින ප‍්‍රථම අවස්ථාව මෙය වන අතර ඔස්ටේ‍්‍රලියාව සහ ශ‍්‍රී ලංකාව සුපිරි වටය යටතේ සහභාගි වන දෙවෙනි තරගය ලෙස මෙම තරගය සැලකේ.

කණ්ඩායම් දෙකම සුපිරි වටය යටතේ සහභාගි වූ පළමු තරග දෙකම ජයග‍්‍රහණය කළ අතර ශ‍්‍රී ලංකාව බංග්ලාදේශය කණ්ඩායමට එරෙහිවත් ඔස්ටේ‍්‍රලියාව දකුණු අප‍්‍රිකා කණ්ඩායමට එරෙහිවත් එම ජයග‍්‍රහණ ලබා ගත්තේය.

ආබාධයක් හේතුවෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පසුගිය තරගයට ක‍්‍රීඩා නොකළ මහීෂ් තීක්ෂණ අද ඔස්ටේ‍්‍රලියාවට එරෙහි තරගය සඳහා ක‍්‍රීඩා කිරීමට සූදානමින් සිටින බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් මහතා ඊයේ (27 වෙනිදා ) ඩුබායි ක‍්‍රීඩාංගණ පරිශ‍්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

‘මහීෂ් තීක්ෂණගේ ආබාධ තත්ත්වය සුව අතට පත් වෙමින් තිබෙනවා. ඔහු ක‍්‍රීඩා කිරීම ස්ථීරයි. ඒ අනුව දැන් අපට පරිපූර්ණ කණ්ඩායමක් සිටිනවා. මහීෂ් දක්ෂ පන්දු යවන්නෙක්. ඔහුගේ සේවය ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව ගොඩක් ප‍්‍රයෝජනවත් වේවි’ යැයි ශ‍්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් මහතා විශ්වාසයෙන් ප‍්‍රකාශ කර සිටියේය.

මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සුදුසුකම් ලබීමේ වටයේ තරගවලදී ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථකම පන්දු යවන්නා වූ මහීෂ් තීක්ෂණ එම වටයේ තරග තුනකදී කඩුලූ 8ක් දවා ගෙන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ජයග‍්‍රහණයන් සඳහා අගනා මෙහෙවරක් ඉටු කළ අතර අයර්ලන්තය සමග පැවැති තරගයේදී ආබාධයකට ලක් විය.

ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම පන්දු වාර විස්සයි විස්ස තරගයකදී එකිනෙකා මුණ ගැසෙන 17 වෙනි තරගය ලෙස මෙම තරගය සැලකෙන අතර මෙතෙක් පවත්වා ඇති තරග 16 අතරින් තරග 8 බැගින් කණ්ඩායම් දෙකම ජයග‍්‍රහණය කර ඇත.

එම අතීත දක්ෂතා පිළිබඳවද සැලකිලිමත් වන ශ‍්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් මහතා පවසන්නේ අද තරගයේදී ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව හොඳ තරගයක් දීමට තම කණ්ඩායම සූදානමින් සිටින බවත් ශ‍්‍රී ලංකා කණ්ඩායම දිනෙන් දින සිය දක්ෂතා වර්ධනය කරගෙන ඉදිරියට යමින් සිටින බවයි.

‘අපේ කණ්ඩායමේ දක්ෂතා ඉහළට ඇවිත් තිබෙනවා. සුදුසුකම් ලැබීමේ වටයේදී අපට පීඩනයක් තිබුණා. අපි ඒ පීඩනයෙන් දැන් මිදී තිබෙනවා. දැන් පීඩනය තිබෙන්නේ අනෙක් කණ්ඩායම්වලට. භානුක රාජපක්ෂ, චරිත් අසලංක සහ පැතුම් නිශ්ශංක හොඳින් ක‍්‍රීඩා කරනවා. තව වසර දෙකක් තුනක් ඇතුළත ඔවුන් ලොකු දියුණුවක් ලබා තියේවි. පැතුම් නිශ්ශංකගේ පාද චලනය සහ පහරවල් කරා යොමු වීම ඉතා හොඳ මට්ටමක තිබෙනවා’

ශ‍්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් මහතා තව දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මේ වන විට ලකුණු අතර නැති කුසල් ජනිත් පෙරේරාද ඉක්මනින්ම ලකුණු අතරට පැමිණෙනු ඇතැයි තමන් විශ්වාසයෙන් සිටින බවයි.

‘කුසල් කියන්නේ තරග දිනවන්නෙක්. ඔහු ජයග‍්‍රාහි ඉනිමක් ඉක්මනින්ම ක‍්‍රීඩා කරාවි. අපේ කණ්ඩායමේ ලකුණු ලබා ගැනීම මේ තරගාවලියට පෙර ලකුණු 140 සීමාවේ රැුඳී තිබුණා. ඒත් ක‍්‍රමයෙන් එය දැන් වර්ධනය වෙමින් පවතිනවා. දැන් අපි 140 සිට 160 සහ පසුගිය තරගයේ 170 සීමාවට ආවා. එය හොඳ ලකුණක්.

ශ‍්‍රී ලංකාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර පන්දු වාර විස්සයි විස්ස තරගවල සම ජයග‍්‍රහණ පැවැතියද අවසන් වරට පැවැති තරග තුනේම ජයග‍්‍රහණ ඔස්ටේ‍්‍රලියාවට හිමි වී ඇති අතර දෙරට අතර පන්දු වාර විස්සයි විස්ස තරගයකදී අද හමු වන්නේ වසර දෙකකට පසුවය.

ශ‍්‍රී ලංකා කණ්ඩායම හමුවේ ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම වැඩිම ලකුණු ලෙස ලකුණු 263ක් වාර්තා කර ඇති අතර එහිදී ග්ලේන් මැක්ස්වල් පන්දු 65කදී ලකුණු 145ක් වාර්තා කර ඇත.

ශ‍්‍රී ලංකාව ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව වැඩිම ලකුණු ලෙස 2011 වසරේදී පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී ලකුණු 198ක් ලබා ගත් අතර ටී. එම්. ඩිල්ශාන් එහිදී ශතකයත් ලබා ගෙන ඇත.

ඔස්ටේ‍්‍රලියා කණ්ඩායමේ කඩුලූ රකින ක‍්‍රීඩක මැතිව් වේඞ් ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී පවසා සිටියේ ශ‍්‍රී ලංකා ද`ග පන්දු යවන්නන් කෙරෙහි තම කණ්ඩායම විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් අද තරගය කිසි ලෙස සුළුවෙන් නොතකන බවයි. එසේම ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් පිළිබඳව තව දුරටත් අධ්‍යනය කිරීම ස\හා තව පැය 24ක කාලයක් තමන්ට තිබෙන බවත් වේඞ් පැවසීය.

මාධ්‍ය හමුවට එක් වූ පසුගිය තරගයේ වීරයා ලෙස සම්මාන ලැබූ චරිත් අසලංක එම ජයග‍්‍රහණය පිළිබඳව එහිදී මෙසේ ප‍්‍රකාශ කර සිටියේය.

‘රට වෙනුවෙන් තරගයක් ජයග‍්‍රහණය කරන්න ලැබීම ලොකු සතුටක්. විශේෂයෙන්ම ලෝක කුසලානයේදී. ඉස්සරහට බලාපොරොත්තු වෙනවා තව ගොඩක් තරග ලංකාව වෙනුවෙන් දිනවන්න. මම අඩු තරග සංඛ්‍යාවක් ක‍්‍රීඩා කළත් අපේ කණ්ඩායමේ අත්දැකීම් බහුල අයියලා ඉන්නවා. කුසල් අයියා ඉන්නවා. ඒ වගේම චන්දි අයියා ඉන්නවා. දසුන් අයියා ඉන්නවා. එගොල්ලොන්ගෙන් අපි ගන්න අත්දැකීම්වලින් තමයි මෙච්චර ඉක්මනට අපිට ඉගෙන ගන්න පුළුවන් වුණේ. ඉස්සරහටත් අපි බලාපොරොත්තු වෙනවා මම ඇතුළු තරුණ ක‍්‍රීඩකයන් එක්ක ලංකාවට තරග ගොඩක් ජයග‍්‍රහණය කරවන්න.

අද තරගය සඳහා ඇති සූදානම සම්බන්ධයෙන්ද චරිත් එහිදී අදහස් දැක්වීය. ‘ඔස්ටේ‍්‍රලියාව හොඳ කණ්ඩායමක්. ඒක හැමෝම දන්නවා. ඒගොල්ලෝ වෙනුවෙන් අපිට වෙනම සැලැස්මක් තියෙනවා. කණ්ඩායමේ 11 දෙනාටම පැහැදිලි සැලැස්මක් තියෙන මේ තරගය වෙනුවෙන්. දවසක් අරගෙන අපි සැලසුම් කළා ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමත් එක්ක සෙල්ලම් කරන්න ඕන කොහොමද කියලා. මොකද බංග්ලාදේශ කණ්ඩායම ගත්තාම හාත්පසින්ම වෙනස්. ඕස්ටේ‍්‍රලියා කණ්ඩායමේ ශක්තිය තියෙන්නෙ වේග පන්දු යවන්නන් අතේ. පිතිකරුවන් විදියට අපි ඒකට ලෑස්ති වෙලා දවස් දෙකක් පුහුණුවීම් කළා. ඒ නිසා ඒ තරගයට හොඳින් ක‍්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.

දත්ත විශ්ලේෂණය කිරීම තුළින් අපි බලනවා කවුද පන්දුවට පහරදෙන්න ලේසි, කවුද පන්දුවට පහරදෙන්න අමාරු පන්දු යවන්නෝ කියලා. පිතිකරුවෝ විදියට අපි කාටත් හැකියාවන් වගේම දුර්වලතා තියෙනවා. ඒ නිසා ඕනම පිතිකරුවෙක් තරගයකට කලින් පන්දු යවන්නන්ව අධ්‍යනය කරලා තමා යන්නෙ. එතකොට මම දන්නවා මට ගහන්න පුළුවන් පන්දු යවන්නා කවුද, ගහන්න අමාරු පන්දු යවන්නා කවුද කියලා. ඒ වගේම හතරේ සීමාවේ දිග ප‍්‍රමාණයත් බලනවා. මොකද මේ දක්වා හම්බවුණ ක‍්‍රීඩාංගණවල එක පැත්තක් පොඩියි. ඉන්න හොඳම පන්දු යවන්නන්ට වුණත් ඇටෑක් කරන්න වෙන වෙලාවල් තියෙනවා.

අද තරගය සඳහා ක‍්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂිත ශ‍්‍රී ලංකා කණ්ඩායම

දසුන් ශානක (නායක), අවිශ්ක ප‍්‍රනාන්දු, කුසල් පෙරේරා, චරිත් අසලංක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, මහීෂ් තීක්ෂණ, පැතුම් නිස්සංක සහ භානුක රාජපක්ෂ

ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම

ඬේවිඞ් වෝනර්, එරන් ෆින්ච් (නායක), මිචෙල් මාෂ්, ස්ටීව් ස්මිත්, ග්ලේන් මැක්ස්වෙල්, මාකස් ස්ටොයිනිස්, මැතිව් වේඞ්, පැට් කමින්ස්, මිචෙල් ස්ටාක්, ඇඩම් සම්පා, ජොශ් හස්ලිවුඞ්

කුෂාන් සුබසිංහ ඩුබායි සිට..

advertistmentadvertistment
advertistmentadvertistment