අතුරුදන්ව සිටි ව්‍යාපාරිකයකුගේ සිරුර නාන තටාකයක

747


දින කීපයක සිට අභිරහස් ලෙස අතුරුදන්ව සිටි කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුර ඔහුට අයත් තලංගම පැලවත්ත ප්‍රදේශයේ සුඛෝපභෝගී තෙමහල් නිවස පිහිටි භූමියේ නාන තටාකයේ තිබී හමුවූ බව තලංගම පොලීසිය පවසයි.

මෙලෙස අභිරහස් ලෙස මියගොස් තිබුණේ වැල්ලම්පිටිය කිත්තම්පහුව පදිංචිව සිටි රොෂාන් වන්නිනායක නැමැති 49 හැවිරිදි පුද්ගලයෙකි.

ඉකුත් 30 වනදා නිවසින් පිටත්ව ගිය සිය සහෝදරයා මෙතෙක් නිවසට පැමිණියේ නැති බව පවසමින් මියගිය පුද්ගලයාගේ සහෝදරිය විසින් ඊයේ වැල්ලම්පිටිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment