අතුරුදන් වූ බව කියන බොහෝ අය විදේශ රටවල… විදේශ ඇමැති

766

යුද සමයේ අතුරුදන් වෙලා කියමින් අතුරුදන් වූවන්ගේ ලැයිස්තුවලට දාපු බොහෝ පිරිසක් විදේශගතව සිටින බව මේ වනවිට එළිදරව් වෙමින් පවතින බව, සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කරයි. යුද සමයේ ශ‍්‍රී ලංකාවෙන් ඒ ඒ රටවලට විවිධ ක‍්‍රමවලින් සංක‍්‍රමණය වූ පිරිස්වල ලැයිස්තුවක් ඉල්ලූවිට ඇතැම් රටවල්, එය ලබා නොදෙන බවද ඔහු අනාවරණ කළේය.

 එම නිසා අන්‍යෝන්‍ය විශ්වාසයෙන් කළ යුතු කටයුතුවලට එම තත්ත්වය බාධාවක් බවද ඔහු ප‍්‍රකාශ කළේය. ‘‘ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිව, රටේ ස්වෛරීත්වයට, ස්වාධීනත්වයට එරෙහි කටයුතු කරන්න බැහැ. එහෙත් බලයට පත්වන විට අපි ප‍්‍රතිඥා දුන් වැඩ කොටස එලෙසම කෙරෙමින් පවතිනවා කියන විශ්වාසය ජාත්‍යන්තරයට ඇතිකර දෙන්න අපිට පුළුවන්කම තියෙනවා.” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මනෝජ් අබයදීර

advertistmentadvertistment
advertistmentadvertistment