අතුරුදහන් වී සිටි සංවර්ධන නිලධාරියාගේ මළ සිරුර පාලු ළිදක

1273


දින දෙකක් තිස්සේ නිවසින් අතුරුදහන් වී සිටි යාපනයේ කෝපායි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියාගේ මළ සිරුර ඊයේ පාලු ළිදක තිබී කෝපායී පොලීසිය විසින් සොයා ගෙනඇත.
යාපනයේ සන්දිලිපායි ප්‍රදේශයේ පදිංචි මානික්කම් ජයෞමාර් නැමති 52 හැවිරිදි මෙම නිලධාරියා නිවසින් අතුරුදහන් වී ඇති බවට ඔහුගේ ඥාතීන් පොලිසියට පැමිණිලි කොට තිබුණි.
කෝපායී පොලීසිය ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වලදී සන්දිලිපායි ගම්මානයට නුදුරින් පිහිටි නවාලී ප්‍රදේශයේ පාලු ළිදක තිබී මළ සිරුර හමු වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment