අතුරු වෛද්‍ය සේවා වර්ජනය අවසන්

87


හෙද, පරිපූරක අතුරු වෛද්‍ය සේවා වලට අයත් වෘත්තිය සමිති 16ක් එක්ව ඊයේ පෙරවරු 7.00ට දීපව්‍යාප්තව ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අද උදෑසන 07.00 අවසන් කළ බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා පවසයි.

වැටුප් විෂමතා ඉවත් කිරීම, වෘත්තීමය උපාධියට හිමි තනතුරුවල පිහිටුවීම, සෞඛ්‍ය පරිපාලන සේවයක් පිහිටුවීම සහ මාණ්ඩලික සේවා චක්‍රලේඛය නිකුත් කිරීම ඇතුළු කරුණු 6ක් මුල්කරගනිමින් ඔවුහු මෙසේ වැඩ වර්ජනයක නිරතවූහ.

advertistmentadvertistment
advertistmentadvertistment