අදට යෙදී ඇති වප්පුර පොහොය නිමිත්තෙනි – මහානිශංස ලැබෙන කඨින චීවර පූජාව

3639

කඨිනය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? මෙම වචනයේ අර්ථය ගත් විට නොවෙනස් වන, ශක්තිමත් බවක් හඟවයි. මහමෙර සෙලවුණත් මහ පොළව කම්පිත වුණත්, වජ‍්‍ර පර්වතය සිඳ බිඳ දැමුවත් කඨින පූජාවෙන් ලබන ආනිසංස නොසිඳෙයි. ආනන්තරීය පාප කර්මයට හැර වෙනත් අකුසලයනට යටපත් කළ නොහැකි නිසාද කඨිනය නමින් හඳුන්වයි. පෙර වස් සමාදන්ව හොඳින් වස් ආරක්‍ෂා කරගෙන මහා පවාරණයෙන් පවාරණය කළ භික්‍ෂූන්ට කඨිනයක් ලැබිය හැකිය.

වසරකට එක් වතාවක් විහාරස්ථානයකදී පැවැත්විය හැකි කඨින චීවර පූජාව මහත් ගෞරවයකින් සිදු කරන සුවිශේෂී පිංකමකි. අටමහා කුසල්වලට ගැනෙන පිංකම් අතර වටිනාම පිංකම කඨින පූජාවයි. මේ නිසාම වෙන පිංකම්වලට වඩා බෞද්ධයන් කඨින පිංකම සිදු කිරීමට වඩා උනන්දුවක් දක්වති. මෙරට පමණක් නොව ලෝකයේ බොහෝ රටවල්වල මෙම පිංකම ඉතා උසස් ලෙස සමරනු ලබන්නේ බුද්ධාලම්බන පී‍්‍රතිය උපදවාගෙනය.

ඇසළ පුර පසළොස්වක පොහෝ දින පොහොය සීමාවට රැුස්ව භික්‍ෂූන් වහන්සේලා විනය කර්ම ආදී කටයුතු සිදුකොට එදා සිට මාස තුනක් පුරාවට එම වස මනාව ආරක්‍ෂා කරයි. මෙම කාලය තුළ ගිහියාගෙන් පැවිද්දාටත් පැවිද්දාගෙන් ගිහියාටත් අන්‍යොන්‍ය වශයෙන් යුතුකම් ඉටු වෙති. මෙම නිසාම වෙනදාට වඩා ගමත් පන්සලත් අතර සබැඳියාව වඩා වර්ධනය වේ. වස් කාලසීමාව යනු සැබවින්ම නොහැදුන මිනිහෙකුුට හැදෙන්න හොඳ කාල පරිච්ෙඡ්දයකි. තවද ධර්මානුකූල ආධ්‍යාත්මික ජීවිතයක් ගොඩනඟා ගැනීමට ද මෙම කාලය ඉවහල් වේ.

වස් කාලය නිමවා චීවර මාසය එළඹීමත් සමග මිනිස් ප‍්‍රජාවට තම පිං දහම් කටයුතු සිතැඟි පරිදි සිදුකර ගැනීමට හැකිය. මෙම කාල පරිච්ෙඡ්දය භික්‍ෂුන් වහන්සේලාට අවිවේකී කාලයක් වුවද උන්වහන්සේලා ඒ සියල්ලම පසෙකලා තම දායකයන් වෙනුවෙන් ද අනාගත සම්බුදු සසුනේ පැවැත්ම උදෙසා මේ සියල්ල ඉතා හොඳින් සිදුකිරීම ද සුවිශේෂි දෙයකි.

කඨිනය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? මෙම වචනයේ අර්ථය ගත් විට නොවෙනස් වන, ශක්තිමත් බවක් හඟවයි. මහමෙර සෙලවුණත් මහ පොළව කම්පිත වුණත්, වජ‍්‍ර පර්වතය සිඳ බිඳ දැමුවත් කඨින පූජාවෙන් ලබන ආනිසංස නොසිඳෙයි. ආනන්තරීය පාප කර්මයට හැර වෙනත් අකුසලයනට යටපත් කළ නොහැකි නිසාද කඨිනය නමින් හඳුන්වයි. පෙර වස් සමාදන්ව හොඳින් වස් ආරක්‍ෂා කරගෙන මහා පවාරණයෙන් පවාරණය කළ භික්‍ෂූන්ට කඨිනයක් ලැබිය හැකිය.

කඨින චීවර පූජාවේ ආනිසංස බොහෝමයක් ඇත. නාගිතාපදානය තුළින් ද එය මනාව වටහා ගත හැකිය.

කඨිනානිසංස: දුගතිගාමී නොවීම, සක් දෙවි පදවි ලැබීම, ඒ ඒ ප‍්‍රදේශයන්හි රාජ සම්පත් සමග මිනිසුන්ට ප‍්‍රධානියෙක් වීම, දිව්‍ය හා මනුෂ්‍ය ලෝකවල පමණක් ඉපදීම, සසර උසස් කුලවල පමණක් ඉපදීම, නිවනට පැමිණීමට තරම් විපාක ඇතිවීම, සෑම ආත්මයකම සියලූ සැප සම්පත් ලැබීම, ඉතා ධනවත් වීම, දෙවියන් අතර ජනපි‍්‍රය දෙවියෙකු වීම.

තවද නාගිත හිමියන් විසින් ද කඨිනානිසංස පිළිබඳ බොහෝ විස්තර දක්වා ඇත.

‘අට්ඨාරසන්තං කප්පානං

දෙවලෝකෙ රමාමහං

චතුත්තිංසකඛත්තුං දෙවින්ද්‍රෙ

දෙවරජ්ජ ඔකාරයිං’

(කල්ප දහඅටක් දෙව් ලොව වාසය කිරීමටත් තිස්හතර වාරයක් සක්දෙව් රජුව ඉපදීමටත් කඨින චීවරයක් පූජා කිරීමෙන් ලැබූ අනිසංසය)

‘යත්ථයත්ථුප පජ්ජාමී

ලභිත්වා සබ්බ සම්පදං

ඵුරිසානං උත්තමො හෝමින්

කඨිනදානස්සිදං ඵලං’

(සෑම ආත්මයකදීම සෑම තැනම සියලූ සම්පත් ලැබ උතුම් පුරුෂයෙක් වීමටත් කඨින දානයෙහි ආනිසංස ඉවහල් විය)

මෙසේ නාගිත හිිමියන් කඨිනයෙන් ලැබෙන ආනිසංස පිළිබඳව පෙන්වාදී ඇත. එපමණක්ද නොව කඨින චීවරයක් පූජා කිරීමෙන් මෙසේ ආනිසංස ලැබෙනවා වගේම කඨින චීවරයක් ලබන භික්‍ෂුවට ලැබෙන ආනිසංස ද සාසන ඉතිහාසය තුළ පෙන්වා දෙයි.

x අනාමන්තචාරය – කඨිනය ලැබූ භික්‍ෂුවට මැදින් මස පොහෝ දින දක්වා අවසරයකින් තොරව ගමෙහි තමන් කැමති තැනකට යා හැකිය.

x අසමාදානචාරය – තුන් සිවුර වලින් තමන් කැමති සිවුරකින් තොරව හැසිරීම කැප වේ.

x ගණභෝජනය – ගණභෝජන ශික්‍ෂා පදයෙන් නිදහස් වීමයි. ගණභෝජනය යනු අකැප ස්වභාවයෙන් භෝජනය පිණිස කරන ආරාධනාවයි.

x යාවදත්‍ථචීවරය – කැමති තරම් සිවුරු පරිභෝජනයට කැපය.

x චීවරුප්පාදය – හේමන්ත සෘතුවෙහි කෙළවර දක්වා කඨිනයක් ලැබූ භික්‍ෂුවට හෝ මතක වස්ත‍්‍රාදී වශයෙන් ලැබෙන චීවර අයිතිය ලැබීමයි.

වර්තමාන සමාජය තුළ කඨින පිංකම සිදුකිරීම විනෝද ජනක ලෙසින් පවත්වයි. එසේ කිරීම තුළින් මෙහි ගෞරවය නැතිවී යා හැකිය. මනා වැටහීමෙන් මෙම පිංකම සිදුකිරීම ද වැදගත් වේ. කඨින පෙරහැරේදී මහා රාති‍්‍රයේ රතිඤ්ඤා පත්තු කිරීම සහ ශබ්ද විකාශන යොදා, කෑගසා නිදා සිටින අය ඇහැරීම, හූ කීම, අරක්කු බී වෙරිවී පෙරහැරේ නටමින් යාම ආදිය කරන උදවියට කඨින පිංකම බුදුදහමට ගැලපෙන ලෙසට පවත්වන ආකාරය පෙන්වාදීම මහා සංඝරත්නයේ වගකීමකි. තවද දුප්පත් පොහොසත් භේදයකින් තොරව කඨින චීවරය සෑම නිවසකම තැම්පත් කිරීමද ඉතා වැදගත් වේ.

මුළු ගමක් එකතුව පොදුවේ සිදුකරන පිංකමක් නිසාවෙන් ගමේ සමගියද හිතමිත‍්‍රකම් ද මේ කාලයේ දියුණු කර ගැනීමට අවස්ථාව උදාවෙන බව වඩාත් කල්පනාවට ගෙන සියලූ දෙනාම මෙම කඨින පිංකම සිදුකිරීමට උනන්දු විය යුතුයි. වසරකට එක් වතාවක් පමණක් කළ හැකි මහානිසංස කුසලය සියලූ දෙනාම එක්ව තුන්සිත පහදාගෙන සිදුකර ගැනීමෙන් මහත් ඵල මහානිසංස උදාකර ගනිත්වා.

අදට යෙදී ඇති වප්පුර පොහොය නිමිත්තෙනි - මහානිශංස ලැබෙන කඨින චීවර පූජාව

පූජ්‍ය වත්තේගම රතනසාර හිමි
මහනුර වත්තේගම ඉහළ යටවර ශී‍්‍ර ඛෙත්තාරාම
මූල මහා විහාරවාසී, වත්තේගම ශී‍්‍ර ධර්මද්වීප
පිරිවෙන් ආචාර්ය, ශාස්ත‍්‍රපති, රාජකීය පණ්ඩිත

advertistmentadvertistment
advertistmentadvertistment