අදත් අහස අදුරුයි

178

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේ අහස වලාකුළුවලින් බරව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මේ අතර නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත වී ඇති මැන්ඩවුස් සුළි කුණාටුව ඊයේ දිනයේ රාත්‍රී 11.30 වනවිට අක්ෂාංශ 10.6N සහ දේශාංශ 82.3E ආසන්නයේ ස්ථානගතව පැවතුණු බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන්කර දෙසැම්බර් 09 වනදා රාත්‍රියේ නිරිත දිග බෙංගාල බොක්ක හරහා උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මේ අතර උතුරු පළාතේ නිරන්තරයෙන් වැසි ඇතිවන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ එහිදී ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවය.

advertistmentadvertistment
advertistmentadvertistment