අදත් ගෑස් ලිපක් පුපුරයි

209


දිඹුල -පතන පොලිස් බල ප්‍රදේශයට අයත්ල ග්‍රේටන් තේ වතුයායේල කේගඕගකොටසේල පැරණි නිවාස සංකීර්ණයේ නිවසක ගෑස් උඳුනක් අද අළුයම 05.45 ට පමණ පුපුරා ගොස් ඇත.
නිවැසි කාන්තාව අද අළුයම තේ සෑදීම සඳහා ජලය රත් කිරිමට ගිය අවස්ථාවේ ගෑස් උඳුන පුපුරා ගිය බව එම කාන්තාව පැවසුවාය.
ජල කේතලය උඳුන මත තබා කුඩා දරුවා හැඬූ නිසා ඇය ගැනීමට ගිය අවස්ථාවේ උඳුන පුපුරා ගිය බවත්ල අනතුර වන අවස්ථාවේ උඳුන අසල රැඳී සිටියානම් තමාට අනතුරක් වීමට ඉඩ තිබූ බවත් මෙම කාන්තාව පැවසුවාය.
ගෑස් උඳුනේ පුපුරා ගිය කොටස් රජයේ රස පරීක්ෂක වරයා වෙත යැවීමට පියවර ගත් බව දිඹුල-පතන පොලීසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment