අදත් පැය 3යි විනාඩි 40ක විදුලිය කප්පාදුවක්

85

අදත් (18දා) පැය තුනයි විනාඩි හතළිහක් විදුලිය කපාහරින බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පැවසීය.

ඒ අනුව දහවල් කාලයේ දී පැය දෙකක්ද රාත්‍රී කාලයේ පැයයි විනාඩි හතළිහක් ද මෙසේ විදුලිය කපා හැරේ. ජල විදුලි නිෂ්පාදනය ඉහළ ගොස් තිබුණත් තාප බලාගාරවලට අවශ්‍ය ඉන්ධන සැපයුම අඩාළ වී තිබෙන නිසා අඛණ්ඩව විදුලිය ලබාදීමට නොහැකි බව ලංවිම ඉංජිනේරුවෝ කියා සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment