අදත් පැය 7 1/2 ක් විදුලිය කැපෙයි

111

විදුලිය නිෂ්පාදනය කිරීමට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද (03 දා* දිනයේත් පැය 07 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අනුමැතිය දී ඇත.

පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 5 ක්ද, පස්වරු 6.00 සිට රාති‍්‍ර 11.00 දක්ව පැය 02 යි විනාඩි 30 ක් වශයෙන් විදුලිය කප්පාදු කෙරේ.

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 700 ක පමණ විදුලිය නිපදවන විදුලිබලාගාර අකි‍්‍රය වීම නිසා දිවයිනේ ප‍්‍රදේශ කාණ්ඩ වශයෙන් වෙන්කර විදුලිය කප්පාදු කිරීම සිදුකෙරේ.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment