අදත් වහිනවා

189

මැයි 06 වනදා සිට ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ කැලඹිලි ස්වාභාවයක් වර්ධනයවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසටය.අද (04) දිනයේ පස්වරු කාලයේදීත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට ද එම දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මේ දිනවල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවෙමින් පවතී. පසුගිය පැය 24 තුළ මිලිමීටර් 74.8ක වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ යාපනයේ තෙලිප්පලෙයි ප්‍රදේශයෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment