අදත් විටින් විට වැසි

47

දැන්ට කි‍්‍රයාත්මක නිරිතදිග මෝසම් කාලගුණ තත්වය නිසා පළාත් කිහිපයකට ඉදිරි දිනවලදීත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ මහනුවරල නුවරඑළිය ගාල්ලල මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

ඊට අමතරව උතුරු පළාතේ මෙන්ම අනුරාධපුරය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්ල උතුරු උතුරුමැදල වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 40ක 50 ක පමණ වේගවත් සුළං හැමිය හැකි බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment