අදත් විදුලිය විසන්ධි කිරීමක් නෑ

73

අද (16 දා) දිනයේත් විදුලි කප්පාදුවක් නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.

පවතින විදුලි ඉල්ලුම සැලකිල්ලට ගෙන අනිද්දා (17 දා) විදුලිය විසන්ධි කරනවාද, එය කොපමණ කාලයකටද යන්න තීරණය කරන බවද ඒ මහතා කීය.

බලාගාර ආශ්‍රීත ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබී තිබීම නිසා විදුලි අවශ්‍යතාවෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ජල විදුලියෙන් සපයා ගන්නා බවද ඒ මහතා පැවසීය.

මේ වන විට අක්‍රීයව පවතින නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍රයක වූ දෝෂය නිවැරදි කරමින් පවතින බවත් එය ලබන සෙනසුරාදා (21 දා) වන විට ක්‍රියාත්මක කළ හැකි බවත් එහි නිලධාරියෙක් පැවසීය. මෙම යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමෙන් මෙගාවොට් 270 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කළ හැකිවේ.

චමින්ද සිල්වා, ප්‍රදීප් සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment