අදත් සවස විදුලිය කැපේ

263


අද (12) දින ද රාත්‍රී කාලයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බව විදුලිබල අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව අද පස්වරු 05.30 සිට රාත්‍රි 09.30 දක්වා පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇති බව එම අමාත්‍යාංශය කියා සිටී.

කැලණිතිස්ස බලාගාරය අසල පිහිටි පෞද්ගලික විදුලි බලාගාරයක් ඇති දෝෂයක් හේතුවෙන් එලෙස විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇති බව ද එම අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුවල එම විදුලි බලාගාරයේ සැපයුම යථා තත්ත්වයට පත්වන තුරු නැවත දැනුම් දෙනතුරු විදුලි කප්පාදුව සිදුකරන බව විදුලිබල අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment