අදත් ෆයිසර් එයි

100

ශ‍්‍රී ලංකාව විසින් මිළදී ගත් ෆයිසර් එන්නත් මාත‍්‍රා 305,370 ක් අද (25) දින අලූ‍යම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන ආ බව ශ‍්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා ප‍්‍රකාශ කළේය .
කිලෝ ග්රැුම් 1,818 ක් බරැුති පෙට්ටි 53 ක අසුරා ඇති මෙම එන්නත් තොගය , මුලින්ම නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට ගුවන් මගින් කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගෙනැවිත් තිබුණි .
එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානයෙන් අද දින අලූ‍යම 01.55 ට මෙම එන්නත් තොගය රැගෙන විත් තිබුණි .
ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගොඩ බෑමෙන් පසුව , ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගෙන තිබූ අතර , ඉන්පසුව ශ‍්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැුගෙන යෑම සිදු කර තිබුණි .

advertistmentadvertistment
advertistmentadvertistment