අදහස් දැක්වීම නිසා රැකියා අහිමි කිරීමේ තත්ත්වයක් ඇවිත්

1216

මාධ්‍යවේදිනී පාරමි රණසිංහ ඉවත් කිරීම ගැන ඉම්තියාස් බාකීර් මාකාර් කියයි

අද වන විට අදහස් දැක්වීම නිසා රැකියාව අහිමි කිරීම දක්වා වූ තත්ත්වයක් මතුව තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනය මෙසේය.

අදහස් දැක්වීම නිසා රැකියා අහිමි කිරීමේ  තත්ත්වයක් ඇවිත්

අදහස් පළකිරීම, භාෂණය, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කළ මූලික අයිතිවාසිකමකි. වර්තමානයේ එම අයිතිය අභියෝගයට ලක්ව ඇති බවක් දක්නට ලැබේ.

සාධනීය අදහස් හෝ විවේචන විරුද්ධ වීම් ලෙස පිළිගෙන එවැනි අදහස් පළකරන්නන් විවිධ ආකාරයෙන් පීඩනයට පත්කරන ආකාරය දකිමු.

විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ අදහස් පළ කළ පිරිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම, අත්අඩංගුවට ගැනීම රඳවා තබා ගැනීම තුළ පැහැදිලි වන්නේ එයයි.

අද වන විට අදහස් දැක්වීම නිසා රැකියාව අහිමි කිරීම දක්වා වූ තත්ත්වයක් මතුව තිබේ.

රූපවාහිනි සංස්ථාවේ සේවයේ නියුතුව සිටි පාරමි රණසිංහ මහත්මිය මුහුණු පොතේ තැබූ සටහනක් නිසා සේවයෙන් ඉවත් කිරීම තුළ එය සනාථ වෙයි.

අදහසක් පළකිරීම නිසා ගත් මෙම පියවර අපි තරයේ හෙළා දකිමු.

වහාම පරමි රණසිංහ මහත්මිය සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා සිටිමු.

advertistmentadvertistment
advertistmentadvertistment