අදානි පුනරින් අල්ලන්න හදයි!

534

ඉන්දියාවේ සුප‍්‍රකට ව්‍යාපාරික ගෞතම් අදානි උතුරේ ආරක්‍ෂක උපාය මාර්ගික කේන්ද්‍රස්ථානයක් වූ පුනරීන්හි සුළංබල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ද ඉදිරිපත් වී ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

එහෙත් ඉන්දීය රජය ආරක්‍ෂක කේන්‍ද්‍රස්ථානවලට විදේශ ආයෝජන සඳහා අවසර නොදේ.

අදානි ඩොලර් බිලියනයක් වැය කරමින් මන්නාරමේ ආරම්භ කිරීමට යෝජිත සුළං බල ව්‍යාපෘතියට කැබිනට් මණ්ඩලය ස්ථාපිත කළ ආයෝජන සඳහා වූ කළමනාකරණ කමිටුව අනුමැතිය දී ඇත.

මේ අනුමැතිය මත ලංකා විදුලිබල මණ්ඩලය ආයෝජන මණ්ඩලය සහ භාණ්ඩාගාරය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතය.

මෙම සුළංබල ව්‍යාපෘතිය මෙගවොට් 1000කින් යුක්තය. මෙයට පෙර චීනය ද උතුරේ දූපත් තුනක සුළංබල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යෝජනා රජයට ඉදිරිපත් කළ අතර ඊට අනුමැතිය දී තිබුණි.

මෙයට පෙර අදානි කොළඹ වරායේ බටහිර පර්යන්තය සඳහා වූ යෝජනාවක් ඉදිරිපත් කළ අතර ඊට රජයේ අනුමැතිය හිමිවිය.

ඔහුට ඔස්ටේ‍්‍රලියාවේ ආරම්භ කළ ගල් අඟුරු ව්‍යාපෘතියක් පිළිබඳවද චෝදනා එල්ල වී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment