අදියර 2 න් ඇමැති වාසුදේව රුපියල් කෝටි 20 ක් රජයට ඉතිරි කර දෙයි – ‘ජල නළ එළීම උදෙසා සේවක ප‍්‍රජා වැඩසටහන’

307

ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතාගේ ඉල්ලීමකට අනුව 2021 ජූලි 03 සෙනසුරාදා නිවාඩු දිනයේ තම කාලය හා ශ‍්‍රමය කැප කර රජයට සවියක් වෙමින් දිනක වැටුප හා අතිකාල දීමනා ලබා නොගෙන ස්වෙච්ඡුාවෙන් සේවයේ යෙදුණු ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයෝ සහ ප‍්‍රජාව එකතුව රජයට රුපියල් කෝටි 20 ක මුදලක් ඉතිරි කර දීමට සමත් වූහ.

 රත්නපුර දිස්ත‍්‍රික්කයේ කොළොන්න සහ ඇඹිලිපිටිය මැතිවරණ කොට්ඨාසයන්හි ගම්මාන 7 ක කිලෝමීටර් 58 ක ජල නළ අතුරා නව ජල සම්බන්ධතා ලබාදීමේ ව්‍යාපෘති කොන්ත‍්‍රාත් ලබා දීමකින් තොරව ප‍්‍රදේශයේ ජනතාවගේ ශ‍්‍රම දායකත්වය හා ජල සම්පාදන මණ්ඩලයේ සේවක පිරිස් විසින් සිදු කළ එක්දින ක‍්‍රියාන්විතයකදී නිම කරන ලදී.

 ජල සම්පාදන මණ්ඩලයේ කොළඹ, ජාඇළ, රාගම, පිළියන්දල, මහරගම, හෝමාගම, පන්නිපිටිය, පානදුර, මොරටුව, දෙහිවල, කඩවත, වේයන්ගොඩ, බත්තරමුල්ල, රන්පොකුණුගම, මීරීගම, දිවුලපිටිය, බියගම, නුවර, බදුල්ල, බණ්ඩාරවෙල, දෙමෝදර, මොණරාගල,

 මහියංගනය, මීගමුව, කටාන, ගාල්ල, අක්මීමන, හම්බන්තොට, තිස්සමහාරාම, බෙලිඅත්ත, අහංගම, රද්දොලූ‍ගම ගලගෙදර සහ පාදුක්ක කාර්යාලයන්ට අනුයුක්ත සේවකයන් 300 ක් පමණ තම දිනක වැටුප් හා අතිකාල දීමනා නොගෙන මෙම කටයුක්තට දායක වූහ.

 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්මට අනුව 2025 දී සැමට පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩසටහන යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා පිරිසිදු පානීය නල ජල පහසුකම් ලබාදීමට සිදු කරන ප‍්‍රශස්ත වැඩපිළිවෙළ ඇගයීමට ලක් කරමින් හා රජයට ශක්තියක් වීම අරමුණු  කරගනිමින් මෙලෙස ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් ස්වෙච්ඡුාවෙන්ම මෙම උදාර වැඩපිළිවෙළට ශ‍්‍රම දායකත්වය ලබා දීමට තීරණය කර තිබුණි.

 දිගු කලක සිට පිරිසිදු පානීය ජලය සපයා ගත නොහැකිව පීඩා විඳි කොළොන්න හා ඇඹිලිපිටිය මැතිවරණ කොට්ඨාශයේ සංඛපාල ග‍්‍රාමය, ජනපද විද්‍යාල මාර්ගය, ගුරුමඩයාය, යාය 02, ගබ්බෙල, නින්දගම් පැලැස්ස, කන්දහේන කලූ‍ගහහේන යන මාර්ගවල පදිංචි ජනතාවට නල ජලය සැපයීම සඳහා කිලෝමීටර් 58 ක පමණ දුරකට ජල නළ දීර්ඝ කිරීම මෙම වැඩපිළිවෙළ යටතේ සිදු කෙරුණි. නිවාස 1632 කට වැඩි ප‍්‍රමාණයකට නව ජල සම්බන්ධතා ලබා දීම මෙහිදී සිදුකළ අතර 8160 ක පමණ ප‍්‍රතිලාභී පිරිසකට මෙයින් සෙත සැලසෙනු ඇත.

 ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතාගේ සම්බන්ධීකරණ ලේකම් හිටපු පළාත් සභා මන්ත‍්‍රී නමින්ද අනුරප‍්‍රිය මහතා හා මාධ්‍ය ලේකම්, ගම්පහ දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ ලේකම් කේ.එච්. සංජීව ධම්මික යන මහත්වරු විසින් මෙම සියලූ‍ කටයුතු සම්බන්ධීකරණය සිදු කරන ලද අතර ඇමැතිතුමාගේ කාර්ය මණ්ඩලය මඟින් සැලසුම් නිර්මාණය කළහ. රටේ පවතින වසංගත තත්වය හේතුවෙන් සියලූ‍ සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රම වේදයන් අනුගමනය කරමින් මෙම වැඩසටහන ක‍්‍රියාත්මක විය.

 පානීය ජලය නොමැතිව පීඩා වි`දින ජනතාවට කඩිනමින් පානීය ජලය සැපයීම සඳහා දිවයිනේ අනෙකුත් ප‍්‍රදේශවලත් මේ ආකාරයෙන් ”ජල නළ එලීම උදෙසා සේවක ප‍්‍රජා වැඩසටහන්” ජල සම්පාදන ඇමැතිතුමා පත්කරන ලද ස්වේච්ඡුා නිලධාරීන්ගේද දායකත්වයෙන් සංවිධානය කරන බව මාධ්‍ය ලේකම් කේ.එච්. සංජීව ධම්මික මහතා පැවසීය.

 මොණරාගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජල සම්පාදන අමාත්‍යාශ අධීක්ෂණ මන්ත‍්‍රී වෛද්‍ය ගයාශාන් නවනන්දන, ජල සම්පාදන ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම් සරත් ආර්. රණසිංහ, සම්බන්ධීකරණ ලේකම්වරුන් වන ජී.වී.ඞී. තිලකසිරි, ඩඞ්ලි කලන්සූරිය, ජල සම්පාදන මණ්ඩලයේ උප සභාපති නිමල් ආර්. රණවක, වෘත්තිය සමිති කටයුතු උපදේශක ඉෂාරා දියෙස්, ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති සුරන්ත වීරසිංහ යන මහත්වරු ඇතුලූ‍ ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් වෘත්තිය සමිති නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 ජල සම්පාදන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, සාමාන්‍යධිකාරී තිළිණ විජේතුංග යන මහත්වරු ඇතුළු‍ අතිරේක සාමාන්‍යධිකාරීවරුන් ප‍්‍රමුඛ කාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට හැකිවී ඇත.

 ඩබ්ලිව්. තනුජ ප‍්‍රදීප් පෙරේරා
 ඡායාරූප ශිල්පී – මාධ්‍ය ඒකකය
 ජල සම්පාදන අමාත්‍යාංශය

advertistmentadvertistment
advertistmentadvertistment