අදුරු තැන්වලත් ඩෙංගු මදුරුවෝ

210

ඩෙංගු රෝගය පාලනය සඳහා ඩෙංගු මදුරුවන් මර්දනය කිරීමට පියවර ගැනීමේදී මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට පියවර ගන්නවා හා සමානව මදුරුවන් බහුලව රැඳී සිටින නිවාස අතුළත අඳුරු ස්ථානවල අඳුරු බව නැති කිරීමටද අවධානය යොමු කළ යුතු බවට ඩෙංගු මදුරුවන් මර්දනය සම්බන්ධව සිදුකර ඇති පර්යේෂණ මගින් අනාවරණය කරගෙන ඇත.මදුරුවන් සක්‍රිය වන්නේ අඳුරු අවස්ථාවලදීය. එසේම මදුරුවන් හක්රැස්ව සිටින්නේ අඳුරු ස්ථානවලය. ඩෙංගු රෝගීන් බහුලව හමුවන නේවාසිකාගාර සහ නවාතැන් සම්බන්ධව සිදු කළ පරීක්‍ෂණවලට අනුව එම රෝගීන් පදිංචිවී සිටින නේවාසිකාගාර සහ නවාතැන් තුළ නිසි ආලෝකයක් නොමැති බව හඳුනාගෙන ඇති අතර ඇතැම් ස්ථානවල විදුලිපහන් ආලෝකය හෝ නොමැතිව අනාවරණය වී ඇත.

මෙවැනි ස්ථානවල පදිංචිව සිටින පුද්ගලයින්ට ඩෙංගු මදුරුවන් දවසේ ඕනෑම මොහොතක දෂ්ඨ කිරීමේ හැකියාව ඇතැයි කීට විiාව පිළිබඳ විශේෂඥ වෛiවරු පවසති.එබැවින් මෙවැනි ස්ථානවලට හොඳින් හිරුඑළිය ලැබීමට සැලැස්වීම හෝ විදුලි පහන් ආලෝක පහසුකම් ලබාදීමට පියවර ගත යුතු බවද වෛiවරු පවසති.මේ වන විට උදාවී ඇත්තේ ශ්‍රී ලංකාවේ ඩෙංගු මදුරුවන් බෝවන සක්‍රිය කාලයයි.එය ජුනි මස සිට අගෝස්තු දක්වා මෝසම් වැසි පවතින කාලය තුළ පවතී. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛi සුදත් සමරවීර මහතා පවසන පරිදි මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති ඩෙංගු රෝගීන් ගණන 29,655කි. එය පසුගිය වසරවලට සාපේක්‍ෂව ඉහළ යෑමක් බවද ඒ මහතා සඳහන් කරයි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment