අද අර්බුදය දිවැසින් දුටු සේ එදා මංගල කලින්ම කීවා

358

ළඟදීම රටේ බරපතළ ඉන්ධන හිඟයක් ඇති විය හැකියි. ඩොලර් අර්බුදයක් ද තිබෙනවා. සත්‍ය තොරතුරු ජනතාවගෙන් සඟවා පාපැදියෙන් සේවයට එන්නැයි පාලකයන් ජනතාවට කිව්වොත් පුදුම විය යුතු නැතැයි දිවංගත හිටපු ඇමති මංගල සමරවීර මහතා අද පවතින තත්ත්වය පිළිබඳව මාධ්‍ය අමතමින් කල්තියා පවසා තිබිණි.

රටේ සැබෑ ආර්ථික තත්ත්වය ජනතාවගෙන් වසන් කර ඉන්ධන හිඟයක් බව කියමින් ඒ හරහා ඩොලර් අර්බුදයක් ද මතුව ඇති බව පවසා සතියකට දින කිහිපයක් පාපැදියෙන් රැකියාවට එන ලෙස ජනතාව පෙළඹවීමට පාලකයෝ ක්‍රියාකරනු ඇතැයි ද මංගල සමරවීර මහතා වත්මන් අර්බුදය කලින් දුටුවකුසේ කළ ප්‍රකාශය අද සත්‍ය වෙමින් තිබේ.

එදා මේ පිළිබඳව මංගල සමරවීර මහතා මාධ්‍යයට මෙසේ කියා තිබිණි.

“ඉන්ධන, ඩොලර් අර්බුද සඟවා සෞඛ්‍ය සම්පන්න දේශයක් හැදීම සඳහා සතියකට දින තුනක් පාපැදියෙන් වැඩට එන්න කියලා පාලකයෝ ජනතාවට කියයි. මගෙත් පොඩි කාලේ ප්‍රධාන ක්‍රීඩාවක් තමයි බයිසිකල් පැදීම. නමුත් දැන් නම් මට මොරටුවේ ඉඳන් බයිසිකලේ එන්න පුළුවන් ද කියලා හිතන්න අමාරුයි.”

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment